කොළඹ හා ගම්පොළ අතර හෙරොයින් සමඟ අයිස් ප්‍රවාහනය සඳහා තම රහස් ප්‍රදේශ යොදාගත් අඹු සැමි යුවළක් ලබන එකොළහ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොළ මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ ගෙලිඔය දෙහිපාගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැමියෙක් හා 43 හැවිරිදි ඔහුගේ බිරිඳයි.
කුඩා දරුවකු ද සිටින මොවුන්ගේ රැකියාව වී ඇත්තේ දින තුනකට වරක් කොළඹ සිට ගම්පොළ දක්වා මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර තැරැව්කරුවන්ට ඒවා ලබාදීමයි.
මොවුන් විසින් හෙරොයින් ග්‍රෑම් පහකට වැඩි ප්‍රමාණයක් හා අයිස් තම ලිංගේන්ද්‍රිය තුළ සඟවා ප්‍රවාහනය කොට ඒවා ගම්පොළ, නාවලපිටිය, ගෙලිඔය හා පේරාදෙණිය ආදී ප්‍රදේශවල තැරැව්කරුවන්ට අලෙවි කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.
මොවුන් විසින් මෙම ක්‍රමයට කාලාන්තරයක් තිස්සේ මෙසේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති අතර ඒ සඳහා දුම්රිය, සුඛෝපභෝගී බස් රථ, ත්‍රිරෝද රථ ආදිය උපයෝගී කරගෙන ඇති බවද හෙළි වී ඇත.