25
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7480ක් ළඟ තබාගත් හිටපු නාවික හමුදා සෙබළෙකු තංගල්ල පොලිස් වසමට අයත් කුඩාවැල්ල හන්දියේදී පෙරේදා (06) දහවල් 12.00ට පමණ අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. සැකකරු කෝට්ටගොඩ, බෙලිවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 51 හැවිරිදි සැකකරු අවසන් වරට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක බල නැවියකු ලෙස සේවය කර නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්ව ඇතැයි පොලීසිය පවසයි.
සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.