පුල්මුඩේ, නුරානියා නගර් නිවෙසක අභ්‍යන්තරයේ සිදු වූ විදුලි කාන්දුවීමකින් එම නිවෙස පෙරේදා (06) රාත්‍රී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ බව පුල්මුඩේ පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා වන පරිඩ් පලිල් නමැති අය පොලිසියට ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ නිවසේ විදුලි කාන්දුවීමකින් සිදු වූ මෙම හානියෙන් විදුලි උපකරණවලට හා යතුරුපැදියක් ඇතුළු සියලුම භාණ්ඩ ගිනිගෙන විනාශ වූ බවයි.
ජීවිත හානියක් සිදුවී නැති මෙම දේපොළ හානි සම්බන්ධයෙන් අයිතිකරු තක්සේරු වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව පොලීසියට ප්‍රකාශයක් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුල්මුඩේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.