86
කළුතර ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලයේ වැඩිහිටි සමිතිවල මියගිය සියලුම සාමාජික මහත්ම මහත්මීන් හා මියන්මාරයෙත් තායිලන්තයෙත් සිදුවූ ඛේදවාචකයෙන් මියගිය සියල්ලන්ට පින් පැමිණවීම සඳහා සංවිධානය කරන ලද සංඝගත දක්ෂිණාවක් සහිත පින්කමක් කළුතර බෝධි පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී හීනටියන්ගල ආනන්දාරාම විහාරාධිපති කළුතර දකුණ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය තිනියාවල ඥානානන්ද හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය වඩම්මාගෙන ආ ආකාරයත් කළුතර ප්‍රාදේශීය ලේකම් සාරංගී ධීරරත්න මහත්මිය මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කළ ආකාරයත් ඡායාරූපවලින් දැක්වේ.