Home » මුහුණ හෝදන්න ගඟට බැස්ස එක්දරු පියාට කිඹුලෙක් පහරදීලා

මුහුණ හෝදන්න ගඟට බැස්ස එක්දරු පියාට කිඹුලෙක් පහරදීලා

by Gayan Abeykoon
April 8, 2025 4:01 pm 0 comment

කත­ර­ගම - කේ.ඩී. දේව­ප්රිය

සෙල්ල කත­ර­ගම වල්ලි විහා­ර­ස්ථා­නය අසල පදිං­චිව සිටි පුද්ග­ල­යෙක් පෙරේදා (06) දහ­වල් මුහුණ සේදී­මට මැණික් ගඟේ අතු ආර­කට බැස තිබූ මෙහො­තක දැවැන්ත කිඹු­ල­කුගේ ප්‍රහා­ර­ය­කට ලක්ව බර­ප­තළ තුවාල ලබා කත­ර­ගම රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

මෙසේ තුවාල ලබා කත­ර­ගම රෝහ­ලට ඇතු­ළත් කර ඇත්තේ නිලු­පුල් කුමාර නමැති 44 හැවි­රිදි එක්දරු පියෙකි.

ඔහුගේ වම් අතේ බර­ප­තළ තුවාල සිදුව ඇති අතර මැණික් ගඟ ආශ්‍රි­තව වගා කොර­ටු­වක් කර ගෙන යන පුද්ග­ල­යකි. කත­ර­ගම රෝහ­ලින් වැඩි­දුර ප්‍රති­කාර සඳහා හම්බ­න්තොට මූලික රෝහල වෙත ඔහුව යවා ඇත. මේ වන විට කත­ර­ගම මැණික් ගඟ ආශ්‍රි­තව දැවැන්ත කිඹු­ලන් රැසක් සැරි­ස­රන අතර පසු­ගිය 05 වැනිදා මැණික් ගඟේ අංක 02 පාලම අස­ලදී කිඹු­ලකු සපා­කෑම මත පුද්ග­ල­යකු කත­ර­ගම රෝහ­ලින් ප්‍රති­කාර ලබා පිටව ගොස් ඇත. වසර ගණ­නා­ව­කින් කිඹුල්ලු ඇල්ලී­මක් කර නොමැ­ති­කම මත මේ වන විට කිඹු­ලන් 20කට වැඩි ප්‍රමා­ණ­යක් කත­ර­ගම මැණික් ගඟ තුළ සැරි­ස­ර­මින් සිටිති.

වන­ජීවි නිලධා­රීන් 2015දී කිඹු­ලන් ඇල්ලීම සිදු කළ අතර මේ වන විට කිඹු­ලන් ඇල්ලීම සිදු­නො­වීම මත වන්දනා බැති­ම­තුන්ගේ මෙන්ම කත­ර­ගම ජන­යාද මැණික් ගඟ පරි­හ­ර­ණය කිරීම ඉතා­මත් අන­තු­රු­දා­යක තත්ත්ව­ය­කට පැමිණ ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT