Home » උපන් දිනය සැම­රු­මට ලක්ෂ 30ක රෝහල් උප­ක­රණ තොග­යක් ඉංගි­රිය රෝහ­ලට

උපන් දිනය සැම­රු­මට ලක්ෂ 30ක රෝහල් උප­ක­රණ තොග­යක් ඉංගි­රිය රෝහ­ලට

by Gayan Abeykoon
April 8, 2025 4:01 pm 0 comment

ඉංගි­රිය මධ්යම සමූහ - ප්රිය­ද­ර්ශනී කහ­වල

රට­ටම ඇසෙ­න්නට අඬ­බෙර ගසා මත්ව­තුර ද පෙර­ටු­කර ගනි­මින් උපන් දින සාද පව­ත්වන නූතන යුග­යක, තම ජන්ම ­දි­නය ඉතා ආද­ර්ශ­වත් අයු­රින් සැමරූ පුද්ග­ල­යකු පිළි­බඳ පුව­තක් ඉංගි­රිය ප්‍රදේ­ශ­යෙන් වාර්තා විය.

නමින් එස්.ඒ.ඒ. විජේ­කු­මාර නම් ඔහුගේ පදිං­චිය ඉංගි­රිය, කිරි­ගල ප්‍රදේ­ශයේ වන අතර, පසු­ගි­යදා යෙදී තිබුණු උපන් දිනය සැම­රීම වෙනු­වෙන් ඔහු විසින් ඉංගි­රිය රෝහ­ලට ලක්ෂ 30කට ආසන්න භාණ්ඩ තොග­යක් ලබාදී තිබිණි.

හදිසි අන­තුරු ඒකක සඳහා පාවිච්චි කරන ඇඳක්, සියලු පහ­සු­කම් සහිත අති නවීන රෝද පුටු­වක්, ඇඳ අස­ල­ටම රැගෙන ගොස් පාවිච්චි කළ හැකි සුඛෝ­ප­භෝගී කොමඩ් වර්ගයේ විශේෂ පුටු­වක්, අත් වාරු යුග­ලක් හා ඉගෙ­නුම ලබන සිසුන් සඳහා පෙර­හු­රු­ව­ලට භාවිත කරන මානව ශරීර අනු­රු­වක්, නොයෙක් ප්‍රමා­ණයේ පැම්පස්, සර්ජි­කල්, අත් ආව­රණ සහ වෙට් ටිෂූ විශාල ප්‍රමා­ණ­යක් ඇතුළු භාණ්ඩ රාශි­යක් මේ අතර විය.

මින්පෙර යෙදී තිබුණු විජේ­කු­මාර මහ­තාගේ බිරි­යගේ සහ පුතාගේ උපන් දින සැම­රීම වෙනු­වෙන්ද ඔහු විසින් මේ අයු­රින්ම ඉංගි­රිය රෝහ­ලට විශාල වටි­නා­ක­ම­කින් යුත් භාණ්ඩ තොග­යක් ලබාදී තිබීම විශේ­ෂ­ත්ව­යක් වන අතර, ග්‍රාමීය පෙදෙ­සක පිහිටි රෝහ­ලක් වන ඉංගි­රිය රෝහ­ලට මෙලෙස ඔහු විසින් සිදු කළ පරි­ත්‍යාග සියලු දෙනා­ගේම පැස­සු­මට ලක්විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT