Home » නාම­පු­වරු-පීත්ත පටි කැපීම් නැතිව ගොඩ­නැ­ඟිල්ල පාසල් දරුවෝ විවෘත කරති

නාම­පු­වරු-පීත්ත පටි කැපීම් නැතිව ගොඩ­නැ­ඟිල්ල පාසල් දරුවෝ විවෘත කරති

by Gayan Abeykoon
April 8, 2025 4:01 pm 0 comment

නාඋල සමුහ

‘කඳු­කර දස­කය’ වැඩ­ස­ට­හන යටතේ පසු­ගිය රජ­යෙන් රුපි­යල් කෝටි එක­හ­මා­රක විය­ද­මින් නාඋල – ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථ­මික විදු­හලේ ඉදිවූ ගොඩ­නැ­ඟි­ල්ලක් කිසිදු දේශ­පා­ල­න­ඥ­යකු නොමැ­තිව මහ සඟරු­ව­නට දන් පුදා විවෘත කළ පුව­තක් නාඋ­ලින් වාර්තා වෙයි.

ප්‍රදේ­ශයේ සිංහල, දමිළ සහ මුස්ලිම් මවු­පි­යන් විසින් දන් සකසා දරු­වන් 710 දෙනෙකු සම්බන්ධ වී විචි­ත්‍ර­වත් පෙර­හ­ර­කින් මහ සඟ­රු­වන වඩ­ම්මවා දන් පැන් පිළි­ග­න්ව­මින් ගොඩ­නැ­ඟිල්ල විවෘත කිරිම විශේ­ෂ­ත්ව­යක් විය.

නාඋල ශ්‍රී නාග ආදර්ශ ප්‍රථ­මික විද්‍යා­ලයේ විදු­හ­ල්පති මහින්ද හෙට්ටි­ආ­රච්චි මහ­තාගේ හා ආචාර්ය මණ්ඩ­ලයේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩ­ස­ට­හන සංවි­ධාන කර තිබිණි.

උත්ස­ව­යට සම­ගා­මීව විෂය සම­ගාමී වැඩ­ස­ට­හන් අත­රට ඇති හතර වසර පන්තියේ පෙර­හර පාඩම සහ දෙක වසර පන්තියේ සාංඝික දානය පාඩම සම්බ­න්ධ­යෙන් ද අව­ධා­නය යොමු­ක­ර­මින් දරු­වන්ට අත්දැ­කීම් ලබා­දීම අර­මුණු කර ගනි­මින් මෙම වැඩ­ස­ට­හන ගොඩ­නැ­ඟිල්ල විවෘත කිරී­මට සම­ගා­මීව ක්‍රියා­ත්මක කළ බව විදු­හ­ල්පති මහින්ද හෙට්ටි­ආ­රච්චි මහතා පවසා සිටි­යේය.

මෙම අව­ස්ථාව සඳහා අරං­ගල සිරි අර­හන්ත පබ්බ­තා­රා­මා­ධි­පති, උතුරු මාතලේ ප්‍රධාන සංඝ­නා­යක පෙන­ල­බොඩ සෝමා­නන්ද ස්වාමින් වහන්සේ මෙන්ම නාඋල නාතිස්ස රාජ­මහා විහා­රා­ධි­පති, නාඋල ශාස­නා­ර­ක්ෂක බල­ම­ණ්ඩ­ලයේ ලේක­ඛා­ධි­කාරි, නාඋල ශ්‍රී දම්මා­නන්ද මහ පිරි­වෙනේ පරි­වේ­ණා­ධි­පති පූජ්‍ය­පාද බිබිලේ වජි­ර­ඥාන ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝ­ර­ත්නය වැඩ­ම­ක­ර­ලීය.

රුපි­යල් කෝටි එක­හ­මා­රක විය­ද­මින් ඉදිවූ පාසල් ගොඩ­නැ­ඟිල්ල

රුපි­යල් කෝටි එක­හ­මා­රක විය­ද­මින් ඉදිවූ පාසල් ගොඩ­නැ­ඟිල්ල

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT