Home » මේ මැති­ව­ර­ණ­යට ලොකු පක්ෂ කියා දෙයක් ඉතිරි වෙලා නෑ

මේ මැති­ව­ර­ණ­යට ලොකු පක්ෂ කියා දෙයක් ඉතිරි වෙලා නෑ

එක්සත් ජන­රජ පෙර­මුණේ නායක පාඨලි චම්පික

by Gayan Abeykoon
April 8, 2025 4:04 pm 0 comment

එස්.ජී.විජේ­රත්න-කටු­ග­ස්තොට සමූහ

ප්‍රාදේ­ශීය සභා­වල තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි කසළ ප්‍රශ්නය.දැන් කොළඹ නගර සභාවේ කසළ ප්‍රශ්න­යක් නැති තරම්.කස­ළ­ව­ලින් දැන් විදු­ලිය නිප­ද­ව­නවා.ගොහා­ගො­ඩත් කරන්න හිටියේ එවැනි වැඩ පිළි­වෙ­ළක්.නගර සභා­ව­ටත් ප්‍රාදේ­ශීය සභා­ව­ටත් ඒක ඕනෑ වුණේ නැහැ.එක්සත් ජන­රජ පෙර­මු­ණට බලය ලබා දුන්නොත් මහ­වැලි ගඟට දාලා තිබෙන කුණු කන්දෙන් විදු­ලිය නිප­ද­වන ව්‍යාපෘ­ති­යක් ගේන බව එක්සත් ජන­රජ පෙර­මුණේ නායක පාඨලි චම්පික රණ­වක මහතා පව­සයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පළාත් පාලන මැති­ව­ර­ණ­යට හාරි­ස්ප­තු­වෙන් තරග වදින අපේ­ක්ෂ­ක­යන් දැනු­ම්වත් කිරී­මට හාරි­ස්ප­ත්තුවේ තිත්ත­ප­ජ්ජල දී පෙරේදා(05) පැවති හමු­ව­කට සහ­භාගි වෙමිනි.

එහිදි වැඩි­දු­ර­ටත් රණ­වක මහතා මෙසේද පැව­සීය.

මේ මැති­ව­ර­ණ­යට ලොකු පක්ෂ කියා දෙයක් ඉතිරි වෙලා නැහැ. ගෝඨා­භය මහ­ත්ත­යාට පින්සිදු වෙන්න 2022 ඇති කරපු ඒ ආර්ථික අර්බු­දය නිසා මිනිස්සු ලොකු පක්ෂ­ව­ලට පයින් ගැහුවා.අද ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය කියලා එකක් නැහැ.එක්සත් ජාතික පක්ෂය කියා පුළුල් පක්ෂ­යක් නැහැ.පොඩි පක්ෂ­යක් තිබෙන්නේ.ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ කිය­න්නෙත් පොඩි පක්ෂ­යක්.මහින්ද රාජ­පක්ෂ මහ­ත්ත­ය­ලට 2020 මහ ඡන්ද­යේදී ලක්ෂ 70ක් ලැබුණා.ගිය පාර ලැබුණේ ලක්ෂ තුන හමා­රයි.රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ත­ය­ල­ටත් ඒ වගේ­මයි.ඒ ඉර­ණම අනි­වා­ර්යෙන්ම අනා­ගතේ සජ­බ­ටත් හිමි වෙන බව අපට පැහැ­දි­ලියි.වෙනස් වෙන්න කැමති නැති­නම්,තරු­ණ­යන්ට තැන දෙන්න කැමති නැති­නම් ඥාතින් කර­පින්නා ගෙන යනවා නම් ඒ පක්ෂ­ව­ල­ටත් අනා­ග­ත­යක් නැහැ.ඒ නිසා ඔය එක පක්ෂ­ය­ක­ට­වත් හාරි­ස්ප­ත්තුවේ ඡන්ද සිය­යට දහ­ය­ක්වත් නැහැ.හාරි­ස්ප­ත්තුවේ වැඩි ඡන්ද­යක් ලබා­ගත්තේ මාලි­මාව.මේ ඡන්ද­යේදි අලුත් විදි­යට හිතන අලුත් දෙයක් කරන්න පුළු­වන් එක්සත් ජන­රජ පෙර­මු­ණට ඡන්දය දෙන්න.

අපේ මන්ත්‍රී­වරු තනි­වෙන්නේ නැහැ.විශාල පිරි­සක් ඉන්නවා ඒ අයට සහාය දෙන්න.ඔබේ ඡන්ද­යට වටි­නා­ක­මක් දෙන්න.අපි ඔබ­ලාගේ වැඩ ටික කර දෙනවා කියලා පොරොන්දු වෙනවා.සියලු පක්ෂ­ව­ලින් ගැල­විලා ඉන්න අය මේ අලුත් පෙර­මු­ණට එකතු වෙන්න.මෙතන රට බංකො­ලොත් කරපු කිසි කෙනෙක් නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT