Saturday, April 19, 2025
Home » පොහො­ට්ටුවේ අපි මේ ඡන්ද­යෙන් දිනන සටන අරඹනවා

පොහො­ට්ටුවේ අපි මේ ඡන්ද­යෙන් දිනන සටන අරඹනවා

හිටපු මන්ත්‍රී සංජීව එදි­රි­මාන්න

by Gayan Abeykoon
April 8, 2025 4:05 pm 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට මේ රට සම්බ­න්ධ­යෙන් මත­වා­ද­යක් පැව­තීම හේතු­වෙන් ත්‍රස්ත­වා­ද­යෙන් ගැලවී, නිද­හස්ව අලුත් ගම­නක් යන්නට රටක් ලෙස හැකි වූ බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සංජීව එදි­රි­මාන්න මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පක්ෂ මූල­ස්ථා­න­යේදී ඊයේ (07) පැවැති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ ඒ මහතා මෙලෙස ද කීවේය.

“ලංකාවේ දේශ­පා­ලන ව්‍යාපා­රය බල­යට පැමි­ණෙ­න්නට පෙර පළ කරන ලද අද­හස් සහ බල­යට පැමිණි පසු ක්‍රියා­ත්මක කරන ප්‍රති­ප­ත්ති­මය සංකල්ප අතර යම් යම් වෙන­ස්කම් තිබෙන්න පුළු­වන්. එය සුල­භව ලංකා­වේත්, ලෝකයේ අනෙක් රට­ව­ලත් සාමා­න්‍ය­යෙන් දකින්න පුළු­වන්. හැබැයි බල­යට පැමි­ණෙන්න පෙර කියූ කතා සහ බල­යට පැමිණි පසු ක්‍රියා­ත්මක කරන ප්‍රති­පත්ති අතර NPP ආණ්ඩුවේ තරම් පර­ත­ර­යක් ලංකා ඉති­හා­සයේ කිසිම ආණ්ඩු­වක, කිසිම දේශ­පා­ලන ව්‍යාපා­ර­යක දැක නෑ. මේ ආසන්න මොහොතේ ඉන්දු ශ්‍රී ලංකා සබ­ඳ­තාව සම්බ­න්ධ­යෙන් මේ පාල­ක­යන් සිටින පර­ස්ප­රය, ප්‍රති­ප­ත්ති­මය ප්‍රති­වි­රෝ­ධය ඒ තරම් පුළුල් එකක්. මේ කතා කරන්නේ විජේ­වී­රගේ කාලයේ තිබු ඉන්දීය විරෝ­ධ­ය­වත්, ඒ කාලයේ ජවිපෙ තිබූ පන්ති පහේ ඉන්දීය ව්‍යාප්ත­වා­ද­ය­වත් ගැන නොවේ.

මේ අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ආණ්ඩුව පහු­ගිය ජනා­ධි­ප­ති­ව­රණ වේදි­කාවේ ඉන්දි­යාව සම්බ­න්ධ­යෙන් කතා කළේ මීට හාත්ප­සින් වෙනස් ප්‍රති­ප­ත්ති­මය අද­හස්. දැන් මේ අත්සන් කරන සියලු ගිවි­සුම් සම්බ­න්ධව ඔවුන්ට තිබුණේ බර­ප­තළ විරෝ­ධ­යක්. ලංකාවේ විදු­ලි­බල සම්ප්‍රේ­ෂණ පද්ධ­තිය ඉන්දි­යන් නැෂ­නල් ග්‍රිඩ් (Indian national Grid) සම්බන්ධ කිරී­මට විරු­ද්ධව උසාවි ගියේ මේ NPP ආණ්ඩුවේ සාමා­ජි­ක­යන්. අද ඒ උසාවි ගිය කෙනා තමයි මේ ආණ්ඩුවේ විදු­ලි­බල ඇමැ­ති­ව­රයා. ත්‍රිකු­ණා­ම­ලයේ තෙල් ටැංකි සහ තෙල් නළ පද්ධ­තිය සම්බ­න්ධ­යෙන් අශෝක රන්වල තමයි මහ­පාරේ විරෝ­ධය ක්‍රියා­ත්මක කළේ. ඩිජි­ට­ල්ක­රණ ව්‍යාපෘ­තිය පිළි­බඳ අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­ප­ති­ව­රයා NPP නාය­කයා විදි­හට මයික් පැලෙ­න­තුරු කෑ ගැසුවා. අද ඔවුන් ඉතාම වෙනස් තැන­කට ඇවිත් සිටි­නවා. මේ වෙනස අපට හිතා­ගන්න බැරි තරම් දේශ­පා­ලන පර­ස්ප­ර­තා­වක් ලෙස අපට පෙනෙ­නවා.

මේ ආණ්ඩුවේ කැබි­නට් ප්‍රකා­ශ­ක­ව­රයා පාස්කුදා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් ඉන්දි­යා­වට පැහැ­දි­ලිව චෝද­නා­වක් කළා. ඒ චෝද­නාව කළ මහ­ත්තයා මෝදි අග­මැ­ති­ව­ර­යාගේ පරි­වාර ඇමැති ලෙස පත්කර තිබුණා. මේ සමා­ජය මේ ආණ්ඩු­වෙන් ප්‍රශ්න කරන්නේ ජවිපෙ අතීත ඉන්දි­යන් විරෝ­ධය නොවේ, නූතන NPP ඉන්දි­යන් විරෝ­ධ­යයි. NPP ආණ්ඩුවේ ඉන්දි­යානු ගනු­දෙ­නුව අතර සම්බ­න්ධය. ඉන්දි­යා­වත් සමඟ අපි අපේ ආණ්ඩු කොංග්‍රස් ආණ්ඩුත් සමඟ මන්මෝ­හන් සිං, නරේන්ද්‍ර මෝදි ආණ්ඩු­වත් සමඟ ගනු­දෙනු කළා. කොවිඩ් වසං­ග­තය අව­ස්ථාවේ එවක මුදල් ඇමැති බැසිල් රාජ­පක්ෂ මහතා ඉන්දි­යා­වට ගිහිල්ලා මුදල් ඉල්ලා ගත්තේ නැති­නම් ඒ අව­ස්ථාවේ ඒ තත්ත්වය ඉතාම ව්‍යස­න­කාරී තැන­කට යන්න තිබුණා. ඉන්දි­යා­වට ඒ ගෞර­වය අයි­තියි. ඉන්දි­යාව අපේ කලා­පය තුළ දේශ­පා­ල­නය කරන විදිහ සම්බ­න්ධව අපට විරෝ­ධ­යක් නෑ. හැබැයි අපි ප්‍රශ්න කරන්නේ අපේ ආණ්ඩු එය මේ විදි­හ­ටම කරන්න හදද්දී මේ පිරිස වෙනස් කතා­වක් කිවුවේ.

නීතිය ක්‍රියා­ත්මක වීම සාධා­රණ විදි­හට සිදු වෙනවා නම් ඒ සම්බන්ධ අපට විවේ­ච­න­යක් නෑ. හැබැයි අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ කණ්ඩා­යම යහ­පා­ලන ආණ්ඩුව ඇති­කර ගත් අව­ස්ථා­වේත් මේ දේශ­පා­ලන දඩ­යම ඒ විදි­හට කළා. ඒ සිද්ධි පිළි­බ­ඳව නැව­තත් විම­ර්ශන සිදු වෙමින් තිබෙ­නවා. ආණ්ඩු­වට යුතු­ක­මක් තිබෙ­නවා මෙය දේශ­පා­ලන දඩ­ය­මක් නොවේ කියන එක සමා­ජය හමුවේ තහ­වුරු කරන්න. මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ ආණ්ඩුව 2018 පෙබ­ර­වාරි මස 10 වැනිදා පළාත් පාලන ඡන්ද­යෙන් පර­දි­නවා. මේ ආණ්ඩු­වත් ඉතාම නරක තැනක ඉද්දී තමයි මේ ඡන්ද­යට එන්නේ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT