Home » ට්‍රම්ප්ගේ බද්දෙන් ඇඟ­ලුම් සේව­ක­යන්ගේ රැකියා අන­තුරේ

ට්‍රම්ප්ගේ බද්දෙන් ඇඟ­ලුම් සේව­ක­යන්ගේ රැකියා අන­තුරේ

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

by Gayan Abeykoon
April 8, 2025 4:02 pm 0 comment

අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පනවා ඇති බද්ද ක්‍රියා­ත්මක වුණොත් සිංහල සහ හින්දු අවු­රු­ද්දෙන් පසුව ඇඟ­ලුම් කම්හල් සේව­ක­යන්ගේ රැකියා අන­තු­ර­කට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නාය­ක­ව­රයා මේ බව පැවැ­සුවේ පසු­ගි­යදා නාත්ත­ණ්ඩිය ප්‍රදේ­ශයේ පැවැති ජන­හ­මු­ව­කට සහ­භාගි වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ විපක්ෂ නාය­ක­ව­රයා මෙලෙස ද කීවේය.

“මෙරට අප­න­යන විශාල ප්‍රමා­ණ­යක් යොමු වන අමෙ­රිකා එක්සත් ජන­ප­දය විසින් මෙරට අප­න­යන භාණ්ඩ­ව­ලට විරු­ද්ධව 44%ක ප්‍රති­චා­රා­ත්මක බද්දක් පනවා තිබෙ­නවා. අමෙ­රි­කානු භාණ්ඩ­ව­ලට ශ්‍රී ලංකාව විසින් සිය­යට අසූ අටක බද්දක් පනවා ඇති නිසා මේ බද්ද දමා තිබෙ­නවා. මෙරට ඇඟ­ලු­ම්ව­ලින් 40%ක් අමෙ­රි­කා­වට යව­නවා. මතුවී ඇති තත්ත්වය බර­ප­තළ නිසා මේ සම්බ­න්ධ­යෙන් රජය දැනු­ම්වත් කළේ දැනට මාස කිහි­ප­ය­කට පෙර සිටයි. අති­වි­ශාල ජන­ව­ර­මක් ලබ­මින් බල­යට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අමෙ­රි­කා­වට එන භාණ්ඩ­ව­ලට බදු පන­වන බව පැවසූ අව­ස්ථා­වේදී මේ පිළි­බ­ඳව පාර්ලි­මේ­න්තුව දැනු­ම්වත් කළත් රජය ඒ ගැන තැකී­මක් කළේ නෑ. මීට පෙර පාර්ලි­මේ­න්තු­වේදී ගැටලු ඉදි­රි­පත් කිරී­මට අව­ස්ථාව තිබු­ණත් වත්මත් රජය යටතේ විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ට කතා කිරී­මට තිබූ කාලය සීමා කර තිබෙ­නවා. මේ බදු පැන­වීම අප්‍රේල් 09 වැනි දා සිට ක්‍රියා­ත්මක කර­නවා.

අලුත් අවු­රුදු නිවා­ඩු­වට ගෙදර යන ඇඟ­ලුම් කම්හල් සේවක සේවි­කා­වන්ට අලුත් අවු­රුදු නිවා­ඩුව අව­සන් වන විට රැකි­යාවේ අවි­නි­ශ්චි­ත­භා­ව­යක් මතු වෙනවා. කර්මා­න්ත­ශාලා කඩා­වැටී රැකියා අහිමි වී, ආර්ථික වර්ධන වේගය පහළ ගොස් සමස්ත ජන­තා­ව­ටම බර­ප­තළ හානි­යක් සිදු වෙනවා. මෙය 2028 ණය ගෙවී­මට ද විශාල බාධා­වක්. 2033 ගෙවන්න තිබූ ණය 2028 ගෙවී­මට තිබෙ­නවා. ඒ සඳහා පව­ත්වා­ගෙන යා යුතු ආර්ථික වර්ධන වේග­යට මේ බදු පැන­වීම මරු පහ­රක්. මේ ගැන ජන­තාව දැනු­ම්වත් විය යුතුයි. රජය මේ ගැන සොයන්න මේ වන තෙක් කර ඇත්තේ කමි­ටු­වක් පත් කිරීම වුවත් ඊට වඩා යමක් සිදු විය යුතුයි. මේ සම්බ­න්ධ­යෙන් දක්ෂ දූත පිරි­සක් යවා අප රටෙන් ලබා දෙන ප්‍රති­චා­රය ඉදි­රි­පත් කිරී­මත්, ලෝකයේ අනෙ­කුත් රට­වල් සමඟ එකතු වී පොදු වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරී­මත් සිදු විය යුතුයි. නරේන්ද්‍ර මෝදි අග­මැ­ති­ව­රයා හමු වූ අව­ස්ථාවේ ඉන්දීය වෙළෙ­ඳ­පො­ළට අප රටේ ඇඟ­ලුම් ඇතුළු තවත් අප­න­යන භාණ්ඩ­ව­ලට ප්‍රවේශ වීමට ඇති පහ­සු­කම් පුළුල් කරන ලෙස අපි ඉල්ලා සිටියා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT