Home » අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්

by chanaka
April 8, 2025 7:08 pm 0 comment

කැස්බෑව නගර සභාව, බස්නාහිර පලාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සහ ක්ලීන් ටෙක් (පුද්ගලික) සමාගම අද (08) කොස්පැල බෙදාදීම හා අපද්‍රව්‍ය කළමනාකරණයේ වැදගත්කම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහ⁣නක් කැස්බෑව හල්පිට දවටගහවත්ත ක්‍රිඩාංගනයේදී පවත්වනු ලැබීය.

මේ තුළින් පාරිසරික තිරසාරභාවය සහ ප්‍රජා යහපැවැත්ම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දිම අරමුණු කරනු ලබයි.

අපද්‍රව්‍ය කළමනාකරණය ද්‍රව්‍ය අඩු කිරීම, නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, ගස් සිටුවීම කාබන් පියසටහන් අඩු කිරීමට සහ දූෂකවල බලපෑම අඩු කිරීමට ඉතාමත් උපකාරී වන බව මෙම වැඩසටහ⁣න මගින් අර්ථවත් කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT