ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩු පවතින බවට පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස 06 වැනි දින සිට සවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව මේ අනුව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත. 1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදු කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (06) අභාවප්‍රාප්ත විය. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ ජාතික ජන බලවේගයේ මනාප අනුව ඊළඟට ඇත්තේ සමන්ත රණසිංහ මහතායි. ඔහු මනාප 41,306ක් ලබාගනිමින් 08 වැනි ස්ථානයේ පසුවෙයි.