Home » කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආය­තන කිහි­ප­යක ඡන්ද­ විමසීමට අතුරු තහ­නමක්

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආය­තන කිහි­ප­යක ඡන්ද­ විමසීමට අතුරු තහ­නමක්

by Gayan Abeykoon
April 8, 2025 4:15 pm 0 comment

නෙල්කා මැද­ගෙ­දර

එළැ­ඹෙන පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී කොළඹ මහ­න­ගර සභාව, හාරි­ස්ප­ත්තුව, උඩ­ප­ළාත, පන්විල, පාත­දු­ම්බර, කුලි­යා­පි­ටිය ප්‍රාදේ­ශීය සභාව ඇතුළු පළාත් පාලන ආය­තන කිහි­ප­ය­කට අදාළ ඡන්ද විම­සීම පැවැ­ත්වීම අත්හි­ටු­වන අතුරු තහ­නම් නියෝ­ග­යක් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (07)නිකුත් කළේය.

නිය­මිත කාල සීමාව තුළ නාම­යෝ­ජනා පත්‍ර භාර­ නො­දීම හේතු­වෙන් එම නාම­යෝ­ජනා ප්‍රති­ක්ෂේප කිරී­මට එරෙ­හිව දේශ­පා­ලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩා­යම් කිහි­ප­යක් විසින් ඉදි­රි­පත් කළ රිට් පෙත්සම් කිහි­ප­යක් විභා­ග­යට ගැනී­මට අව­සර ලබා දෙමින් මෙම නියෝ­ගය නිකුත් කරන ලදි.

අදාළ පෙත්සම් විභා­ගය මැයි මස 16 වැනිදා සිදු කිරී­මට නියම කෙරිණ.

අදාළ පෙත්සම් සම්බ­න්ධ­යෙන් වග­උ­ත්ත­ර­කාර පාර්ශ්ව­යන්ට නොතීසි නිකුත් කර­මින් අභි­යා­ච­නා­ධි­ක­රණ වැඩ­බ­ලන සභා­පති විනි­සුරු ලෆාර් තාහීර් මහතා සහ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විනි­සුරු මඬු­ල්ලක් විසින් මෙම නියෝ­ගය නිකුත් කරන ලදි.

අදාළ පෙත්සම් සම්බ­න්ධ­යෙන් වන විරෝ­ධතා මැයි මස 05 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස නියම කෙරිණ.

ප්‍රති­වි­රෝ­ධතා මැයි මස 07 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස නියම කෙරිණ.

මේ අතර නාම­යෝ­ජනා පත්‍ර ප්‍රති­ක්ෂේප කිරී­මට එරෙ­හිව ඊයේ (07)ගොනු කළ තවත් රිට් පෙත්සම් 53ක් ද අධි­ක­ර­ණය හමුවේ කැඳ­වන ලදි.

සමා­දාන විනි­ශ්ච­ය­ක­රු­වකු විසින් සහ­තික කර ඇති උප්පැන්න සහ­තික සමඟ භාර දුන්  නාම­යෝ­ජනා පත්‍ර පිළි­ගන්නා ලෙස අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විසින් මීට පෙර තීන්දු­වක් ලබා දුන්නද එවැනි නාම­යෝ­ජනා පත්‍ර භාර­ගත නොහැකි බවට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් පසු­ගි­යදා නියෝ­ග­යක් ලබාදී ඇති බවට එහිදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් මනෝ­හාර ජය­සිංහ මහතා සඳ­හන් කළේය.

එබැ­වින් ඒ සම්බ­න්ධ­යෙන් ලබා දී ඇති නියෝ­ගය වෙනස් කරන ලෙස ඔහු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එසේම මෙම පෙත්සම් ඉවත දමන ලෙස ඔහු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටියේ ය. එහිදී පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ ෆයි­සර් මුස්තාපා මහතා සඳ­හන් කළේ මෙම ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ නියෝ­ගය දී ඇත්තේ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් කිහි­ප­යක් විභා­ග­යට ගැනී­මට අව­සර ලබා දෙමින් බවය.

එය අව­සන් නියෝ­ග­යක් නොවන අතර එම පෙත්ස­ම්ව­ලට අදාළ අව­සන් නියෝ­ග­යේදී එය වෙනස් විය හැකි බව ද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය.

එබැ­වින් අදාළ නියෝ­ගය මත අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විසින් මීට පෙර දෙන ලද නියෝග වෙනස් කළ යුතු නැති බව ද ඒ මහතා සඳ­හන් කළේය.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල මෙම පෙත්සම් 53 සම්බ­න්ධ­යෙන් කරුණු තහ­වුරු කිරීම සඳහා අව­සර දෙන්නේද යන නියෝ­ගය ලබන 10 වැනිදා ප්‍රකා­ශ­යට පත් කිරී­මට තීර­ණය කළේය.

එසේම අව­සන් පිටු­වට පක්ෂයේ මහලේක­ම්ව­රයා අත්සන් නොකි­රීම හේතු­වෙන්  නාම­යෝ­ජනා පත්‍රය භාර ගැනීම ප්‍රති­ක්ෂේප කිරී­මට එරෙ­හිව ගොනු කර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කිරී­මට අධි­ක­ර­ණය තීර­ණය කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT