Wednesday, April 23, 2025
Home » හික්ක­ඩුව මුහු­දේදී දිය­වැ­ල­කට හසුවූ රුසි­යානු තරු­ණි­ය බේරා­ග­නීි

හික්ක­ඩුව මුහු­දේදී දිය­වැ­ල­කට හසුවූ රුසි­යානු තරු­ණි­ය බේරා­ග­නීි

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

අම්බ­ල­න්ගොඩ සමූහ - ආර්. ඤාණදාස

හික්ක­ඩුව පන්න­ම්ගොඩ මුහුදු තීරයේ කිමි­දුම් කට­යු­තු­වල යෙදී දිය­වැ­ල­කට හසුවී ගසා­ගෙන ගිය රුසි­යානු ජාතික තරු­ණි­ය­කගේ ජීවි­තය බේරා ගැනී­මට හික්ක­ඩුව පොලිස් ජීවි­තා­ර­ක්ෂක පොලිස් නිල­ධා­රීන්ට හැකි විය.

මෙසේ ජීවි­ත­යත් මර­ණ­යත් අතර සට­නක යෙදී සිට ජීවි­තය බේරී තිබුණේ වැල­රිනා රැස­ඩ­බ්‍රීවා (Valeria razdebreeva) නමැති විසි­හය හැවි­රිදි තරු­ණි­ය­ක­ගේය.

ඇය බේරා­ගෙන ගොඩ­බි­මට රැගෙ­න­විත් පොලිස් නිල­ධා­රීන් විසින් මූලික ප්‍රථ­මා­ධාර ලබාදී ඇත. මෙම තරු­ණි­යගේ ජීවි­තය බේරා ගැනී­මට හික්ක­ඩුව පොලිස් ජීවි­තා­ර­ක්ෂක නිල­ධා­රීන් වන පොලිස් පරී­ක්ෂක හේවගේ, උප පොලිස් පරී­ක්ෂක සිරි­මල්, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන දුමින්ද (96221) සහ බණ්ඩාර (27794) යන මහ­ත්වරු එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT