Home » මස් හා මාළු සමඟ එකට ගබඩා කර තිබූ ලක්ෂ 20ක බටර් විනාශ කරන්න නියෝග

මස් හා මාළු සමඟ එකට ගබඩා කර තිබූ ලක්ෂ 20ක බටර් විනාශ කරන්න නියෝග

බේකරි සමා­ග­මට 7500ක් දඩ

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

දෙව්නි මහ­ග­මගේ

බේකරි නිෂ්පා­දන ආය­ත­න­යක් විසින් මස් මාංශ සමඟ ගබඩා කර තිබූ ලක්ෂ 20ක බටර් කිලෝ 1130ක ප්‍රමා­ණ­යක් හෙට දින (09) වළ දමා විනාශ කිරී­මට මාළි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම වීර­සිංහ මහ­ත්මිය නියෝග කළාය.

‎සිද්ධිය සම්බ­න්ධ­යෙන් එම ආය­ත­න­යට රුපි­යල් 7500ක දඩ මුද­ලක්ද අධි­ක­ර­ණය  නියම කළේය.‎තවද මෙම ආය­ත­නය සඳහා මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක නිල­ධා­රීන් විසින් ගොනු­කර තිබූ චෝදනා 9ක්‌ ස­ඳහා රුපි­යල් 55 000ක දඩ මුද­ලක්ද අධි­ක­ර­ණය නියම කළේය. ‎කොළඹ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක දිසා අංක 2A කාර්යා­ලයේ නිල­ධා­රීන් විසින් කොට­හේනේ  පිහිටි සැක­ක­ට­යුතු බේකරි නිෂ්පා­දන ආය­ත­නයේ වැට­ලී­මක් කර ඇති අතර, එහිදී මෙම බටර් තොගය හමුවී ඇත. ‎එම බටර් තොගය එම අව­ස්ථා­වේදී මස් මාංශ සමඟ එක්කොට ගබඩා කර තිබූ බවත් කිරි ආශ්‍රිත නිෂ්පා­දන සමඟ මාංශ­මය ආහාර ගබඩා කිරීම හේතු­වෙන් එම බටර් තොගය මිනිස් පරි­භෝ­ජ­න­යට නුසු­දුසු බවත් මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක නිල­ධා­රියා අධි­ක­ර­ණය හමුවේ කරුණු වාර්තා කළේය.

‎සිද්ධිය සම්බ­න්ධ­යෙන් අදාළ ආය­ත­නය අධි­ක­ර­ණය ඉදි­රියේ වරද පිළි­ගෙන ද තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT