Home » ලංකා ධීවර සංස්ථා­වෙන් අත්බෑ­ගයේ ගෙනයා හැකි Frozen Fish

ලංකා ධීවර සංස්ථා­වෙන් අත්බෑ­ගයේ ගෙනයා හැකි Frozen Fish

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

කුඩා ප්‍රමා­ණයේ ඇසු­රුම් ලෙස ග්‍රෑම් 300/400 ප්‍රමා­ණ­යන්ට සකස් කළ Frozen Fish පැකට් වෙළෙ­ඳ­පො­ළට හඳුන්වා දීමට ලංකා ධීවර සංස්ථාව කට­යුතු යොදා ඇත. මෙහි මූලික ව්‍යාපෘ­ති­යක් ලෙස ලංකා සතොස අලෙ­වි­සල් 21කදී ග්‍රෑම් 300-400 ප්‍රමා­ණයේ කුඩා frozen fish පැකට් හඳුන්වා දීමට ලංකා ධීවර සංස්ථාව සැල­සුම් කර තිබේ. එම කුඩා ප්‍රමා­ණයේ frozen fish ඇසු­රුම්  අත්බෑ­ග­යක වුවද පහ­සු­වෙන් ගෙන යා හැකි බව ලංකා ධීවර සංස්ථාවේ සභා­පති ජේ.ඒ.කේ. මාර්ක් මහතා සඳ­හන් කරයි.

මෙම frozen fish නිෂ්පා­ද­නය හඳුන්වා දෙමින් විශේෂ අලෙවි ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හ­නක් පසු­ගිය 04 සහ 05 වැනිදා ගම්පහ,  බෞද්ධා­ලෝක මාවතේ පිහිටි ලංකා ධීවර සංස්ථාවේ මාළු වෙ‍ෙළ­ඳ­ස­ලේදී පව­ත්වන ලදි. ලංකා ධීවර සංස්ථාවේ මීග­මුව – ගම්පහ ප්‍රාදේ­ශීය කළ­ම­නා­කරු සහ කාර්ය මණ්ඩ­ලය විසින් මෙහෙ­ය­වනු ලැබූ මෙම වැඩ­ස­ට­හ­නේදී විශේෂ දිනුම් ඇදී­මක් ද පවත්වා වටිනා ත්‍යාගද  පාරි­භෝ­ගි­ක­යන්ට ප්‍රදා­නය කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT