Home » උත්සව සමයේ පාච­න­යෙන් ප්‍රවේ­සම් වෙන්න

උත්සව සමයේ පාච­න­යෙන් ප්‍රවේ­සම් වෙන්න

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

සන්ධ්යා කරු­ණා­රත්න

සිංහල, දෙමළ අලුත් අවු­රුදු සමයේ මැස්සන්ගේ වර්ධ­න­යත් සමඟ පාච­නය රෝගය දරු­වන් අතර ව්‍යාප්ත වීමේ අව­දා­න­මක් තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා “දින­මිණ”ට ඊයේ (07) පැව­සීය.

නිව­සින් බැහැ­රව නෑදෑ හිත­ව­තුන්ගේ නිවෙ­ස්වල හෝ වෙනත් ස්ථාන­යන්ට යාමේදී පිරි­සිදු ජලය හා ආහාර පරි­භෝ­ජ­න­යට ගැනී­මෙන් පාච­නය වැනි රෝග­ව­ලින් වැළකී සිටී­මට හැකි බව ද ඒ මහතා පැව­සු­වේය.

ඊට අම­ත­රව අලුත් අවු­රුදු සමයේ පැණි රස සහ තෙල් සහිත ආහාර භාවි­තය වැඩි වීමත් සමඟ බෝ නොවන රෝග­ව­ලට ගොදුරු වීමේ අව­දා­න­මක් පව­තින බවත් ඉන් වැළ­කීම සඳහා අවු­රුදු සමයේ කය වෙහෙස කර­වන ක්‍රීඩා­වල නිරත වීම ඉතා වැද­ගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අවු­රුදු සමයේ විනෝ­දය වගේම ආර­ක්ෂාව කෙරෙහි ද වැඩි සැල­කි­ල්ලක් දැක්වී­මෙන් හදිසි අන­තු­රු­ව­ලින් වැළකී සිටී­මට හැකි බව ද ඒ මහතා පැව­සු­වේය.  අතී­තයේ වැඩි­හි­ටි­යන් පැණි රස, තෙල් සහිත ආහාර පරි­භෝ­ජ­නය අවු­රුදු සමයේ වැඩි­පුර සිදු කළ ද, ඔවුන්ගේ කය ලෙඩ­රෝ­ග­ව­ලින් ආරක්ෂා කර ගැනීම සඳහා කොට්ට­පොර, චක්ගුඩු, මැර­තන්, ග්‍රීස් ගහේ නැඟීම යනාදී ක්‍රීඩා­වල නිරත වූයේ යැයි ද ඒ මහතා අව­ධා­ර­ණය කළේය. ජීවි­තයේ ඒකා­ග්‍ර­තා­වෙන් මිදී දරු­ව­න්ටත්, වැඩි­හි­ටි­ය­න්ටත් මාන­සික සතු­ටක් දන­වන නෑදෑ හිත­ව­තුන්ගේ නිවෙ­ස්ව­ලට යාමෙන් ප්‍රබෝ­ධ­මත් දිවි පෙවෙ­තක් ගත කළ හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT