Wednesday, April 9, 2025
Home » අක්ක­ර­ය­කට වී බුසල් 120ක් ග­ත­ හැකි බරින් වැඩි නව වී ප්‍රභේ­ද­යක්

අක්ක­ර­ය­කට වී බුසල් 120ක් ග­ත­ හැකි බරින් වැඩි නව වී ප්‍රභේ­ද­යක්

by Gayan Abeykoon
April 8, 2025 8:26 am 0 comment

ගලේ­වෙල මධ්යම සමූහ

‍ ගලේ­වෙල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මැද­බැද්ද දකුණු ග්‍රාම නිල­ධාරී වසමේ පදිංචි විශ්‍රා­මික කෘ.ප.නි.ස. නිල­ධා­රි­යකු වන එල්.ජී. ජය­ව­ර්ධන මහතා අක්ක­ර­ය­කින් වී බුසල් 120ක් පමණ අස්වැ­න්නක් ලබා ගත­හැකි නව වී ප්‍රභේ­ද­යක් සොයා­ගෙන ඇත. එම වී වර්ගය සොයා­ගත් අන්දම ගැන ඔහු මෙසේ විස්තර කළේය. “පසු­ගිය 2022 – 23 මාස් කන්නයේ මම වී වගා කර ලබා ගත් අස්වැන්න අතර තිබූ වී කරල් දෙකක් ගැන මගේ විශේෂ අව­දා­නය යොමු කළා. ඊට හේතුව එම වී කර­ල්වල වී ඇට 200ක් පමණ තිබී­මයි. එම වී ඇට­වල අග කොටසේ කළු පැහැති කුඩා තිතක් තිබීම ගැනද මම සැල­කි­ල්ලක් දැක්වූවා. පසුව මම එම වී කරල් වියළා බිත්තර වී ලෙස ලබා­ගෙන 2023 – 24 මාස් කන්නයේ වෙනම වගා කළා. එහි අස්වැන්න ලෙස වී කිලෝ 12ක් පමණ ලබා ගත්තා. එම කර­ල්වල තිබූ වී ඇට­ව­ලද කළු පැහැති තිත දකි­න්නට ලැබුණා. එම වී ප්‍රමා­ණ­යද බිත්තර වී ලෙස ලබා­ගෙන පසු­ගිය 2024 – 25 මාස් කන්නයේ යළිත් අක්කර තුන් කාලක පමණ වගා කළා. මුලින් තිබූ වී කර­ල්ව­ලට සමාන ලක්ෂණ මෙව­රත් දකි­න්නට තිබෙ­නවා. තවම මෙවර අස්වැන්න නෙළා­ ගත්තේ නෑ. තව සති දෙක­කින් පමණ අස්වැන්න නෙළ­නවා. මෙම වී වර්ගය වපුරා අස්වැන්න නෙළා ගැනී­මට මාස හත­ර­හ­මා­රක් පමණ ගත­වෙ­නවා. මෙම වී වර්ගයේ ඇති විශේ­ෂ­ත්වය නම් අනෙක් වී වර්ග­ව­ලට වඩා වැඩි වී ප්‍රමා­ණ­යක් තිබී­මත් බරින් වැඩි වීමත්ය. මෙම වී වර්ගය කුම­ක්දැයි හඳු­නා­ගැ­නී­මට කෘෂි නිල­ධා­රීන්ගේ සහය ඉල්ලා සිටි­නවා. මෙම වී වර්ගය බිත්තර වී ලෙස ලබා­ගෙන ව්‍යාප්ත කිරී­මට බලා­පො­රොත්තු වෙනවා. මෙම වී වර්ගය වපුරා අක්කර 01කින් බුසල් 120ක් පමණ ලබා­ගත හැකි­වේ­යැයි මා තුළ දැඩි විශ්වා­ස­යක් තිබෙ­නවා.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT