Home » රාජ්‍ය ඔසු­සල් ජාලයේ 64 වැනි ඔසු­සල කිරි­බ­ත්ගො­ඩට

රාජ්‍ය ඔසු­සල් ජාලයේ 64 වැනි ඔසු­සල කිරි­බ­ත්ගො­ඩට

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

සන්ධ්යා කරු­ණා­රත්න

රාජ්‍ය ඖෂධ නීති­ගත සංස්ථා රාජ්‍ය ඔසු­සල් ජාලයේ 64 වැනි රාජ්‍ය ඔසු­සල් ශාඛාව කිරි­බ­ත්ගොඩ නග­රයේ දී සංස්ථාවේ සභා­පති වෛද්‍ය මනූජ් සී. වීර­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා විවෘත කෙරිණි.

රාජ්‍ය ඖෂධ නීති­ගත සංස්ථාවේ රාජ්‍ය ඔසු­සල් ජාලයේ 64 වන නව රාජ්‍ය ඔසු­සල් ශාඛාව මෙය වන අතර අංක 163, නුවර පාර, කිරි­බ­ත්ගොඩ යන ස්ථානයේ මෙම ඔසු­සල ස්ථාපිත කිරී­මට පිය­වර ගෙන තිබුණි.

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාගේ සංක­ල්ප­යක් මත ජනතා අව­ශ්‍ය­තාව පරිදි රට පුරා රාජ්‍ය ඔසු­සල් ශාඛා ස්ථාපිත කිරීමේ විශේෂ වැඩ­පි­ළි­වෙ­ළට සම­ගා­මිව මෙම ඔසු­සල ස්ථාපිත කෙරිණි.

මෙම රාජ්‍ය ඔසු­සල ශාඛාව මඟින් පළ­පු­රුදු ඖෂ­ධ­වේ­දීන්ගේ සේවාව යටතේ, නියම ප්‍රමි­ති­යෙන් යුතු ගුණා­ත්මක ඖෂධ සාධා­රණ මිල­කට මිල දී ගැනී­මට ජන­තා­වට හැකි­යාව ලැබෙන අතර, ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්, ගර්භිණී මවු­ව­රුන්, වයස අවු­රුදු 05 ට අඩු දරු­වන් සහ  “රණ­විරු විරු­සර” කාඩ්පත් හිමි­යන් සඳහා  5%ක සුවි­ශේෂි වට්ට­මක් සහි­තව ඖෂධ නිකුත් කිරීම ද විශේ­ෂ­ත්ව­යකි.

නවීන තාක්ෂණ උප­ක­රණ යොදා ගනි­මින් රාජ්‍ය ඖෂධ නීති­ගත සංස්ථාවේ තත්ත්ව රසා­ය­නා­ගා­රයේ දී අවස්ථා හත­ර­ක­දීම පරී­ක්ෂා­වට ලක් කිරී­මෙන් පසු ඖෂධ වෙළෙ­ඳ­පො­ළට යොමු කරන නිසා ජන­තා­වට විශ්වා­ස­යෙන් යුතුව ඖෂධ ලබා ගැනී­මට හැකි­යාව ලැබේ.

ශ්‍රී ලාංකේය ජන­තා­වට උසස් තත්ත්ව­යෙන් යුත් ප්‍රත්‍යක්ෂ ඖෂධ සාධා­රණ මිලට ලබා දීමේ ප්‍රමුඛ අර­මු­ණින් මහා­චාර්ය සේනක බිබිලේ මහතා විසින්  1971 වර්ෂයේ දී ආරම්භ කළ රාජ්‍ය ඖෂධ නීති­ගත සංස්ථාව වසර 53කට අධික කාල­යක් මෙරට ජන­තා­වට ගුණා­ත්මක ඖෂධ සාධා­රණ මිලට සැප­යීම සිදු කරයි.

මෙම අව­ස්ථා­වට රාජ්‍ය ඖෂධ නීති­ගත  සංස්ථාවේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුභ­සිං­හ­ආ­රච්චි මහතා ඇතුළු රාජ්‍ය ඖෂධ නීති­ගත  සංස්ථාවේ නිල­ධා­රීන්, සේව­ක­යින්, කිරි­බ­ත්ගොඩ ප්‍ර‍ෙද්ශයේ ව්‍යාපා­ර­කයෝ පිරි­සක් සහ­භාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT