Saturday, April 19, 2025
Home » භූක­ම්ප­න­යෙන් පීඩිත ජන­තා­වට වෛද්‍ය සහ විශේෂ සහන සේවා සැපයූ ශ්‍රී ලංකා­වට මිය­න්මා­ර­යෙන් ප්‍රශංසා

භූක­ම්ප­න­යෙන් පීඩිත ජන­තා­වට වෛද්‍ය සහ විශේෂ සහන සේවා සැපයූ ශ්‍රී ලංකා­වට මිය­න්මා­ර­යෙන් ප්‍රශංසා

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

උපාලි කරු­ණා­රත්න සහ රක්ෂණ ශ්රියන්ත

මිය­න්මා­රයේ ඇති වූ භූමි­ක­ම්පා­වෙන් පීඩා­වට පත් ජන­තා­වට සහන සැල­සීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමා­ජි­ක­ය­න්ගෙන් සැදු­ම්ලත් වෛද්‍ය සහ විශේෂ සහන සේවා කණ්ඩා­ය­මක් සහ හදිසි ආධාර මිය­න්මා­ර­යට එවීම පිළි­බ­ඳව යැංගොන් කලා­පීය ප්‍රධාන ඇමැති U Soe Thein මහතා සිය ප්‍රශං­සාව පළ කර සිටියි.

ප්‍රධාන ඇමැ­ති­ව­රයා එසේ සිය ප්‍රශං­සාව පළ කර සිටියේ මිය­න්මා­රය බලා ගිය ශ්‍රී ලාංකික කණ්ඩා­යම පිළි­ගැ­නී­මට යැන්ගොන් ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ වෙත පැමිණි අව­ස්ථා­වේ­දීය.

මිය­න්මා­රයේ ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා, යැංගොන් නගර සංව­ර්ධන කමි­ටුවේ සභා­පති (නග­රා­ධි­පති) U Bo Htay, යැංගොන් කලාප සමාජ කට­යුතු ඇමැති U Htay Aung, යැංගොන් කලාප ආර­ක්ෂක සහ දේශ­සීමා කට­යුතු ඇමැති කර්නල් Win Tint, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ උපා­ය­මා­ර්ගික අධ්‍ය­යන සහ පුහුණු දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් U Zaw Phyo Win, සමාජ  සුභ­සා­ධ­නය, සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ අමා­ත්‍යාං­ශයේ ආපදා කළ­ම­නා­ක­රණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ U Than Soe මහ­ත්වරු ඇතුළු කණ්ඩා­ය­මක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වී සිටි­යහ.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ උප­දෙස් පරිදි ආර­ක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා( විශ්‍රා­මික) මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේව­යට අයත් විශේෂ ගුවන් යාන­ය­කින් මෙම සහන සේවා කණ්ඩා­යම පෙරේදා දින (05) මිය­න්මා­රය බලා පිට­ත්විය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින්  යැංගොන් කලා­පීය ප්‍රධාන ඇමැති U Soe Thein මහතා සඳ­හන් කළේ ශ්‍රී ලංකාව විසින් දැක්වූ මෙම අගනා සහාය දෙරට අතර පව­තින දිගු­කා­ලීන සමීප මිත්‍ර සබ­ඳ­තා­වන් යළි අව­ධා­ර­ණය කරන බවයි.

ශ්‍රී ලංකා විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය හා විදේශ කට­යුතු ලේක­ම්ව­රයා මෙම ආපදා සහන සේවා මෙහෙ­යුම් ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය කෙරෙන රාජ්‍ය­තා­න්ත්‍රික ක්‍රියා­ව­ලිය හා සෘජුව සම්බන්ධ වෙමින් ක්‍රියා කරති.

එරට පරි­පා­ලන අග­නු­වර වන නේ පි ටෝ (Nay Phi Taw) හි ආප­දා­වට ලක්වූ ප්‍රදේ­ශ­වල මානු­ෂික ආධාර සහ සහන කට­යුතු සඳහා ශ්‍රී ලංකා සහන සේවා කණ්ඩා­යම යෙද­වී­මට නිය­මි­තව තිබේ. පසු­ගි­යදා ඇතිවූ රිච්ටර් පරි­මා­ණයේ 7.7ක ප්‍රබ­ල­ත්ව­යෙන් යුත් භූමි­ක­ම්පාව හේතු­වෙන් මිය­න්මා­රයේ ප්‍රදේශ බොහෝ­ම­ය­කට බල­පෑම් එල්ල විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT