සුරාබදු ආදායම සුරක්ෂිත කිරීම සඳහා එළඹෙන උත්සව සමයේ බලපත්‍ර ලත් ස්ථාන අධීක්ෂණය මෙන්ම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා සංසරණය වීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා මහතා පැවැසීය.
ඒ සම්බන්ධයෙන් විශේෂ නිලධාරි කණ්ඩායම් යොදා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ අතර බත්තරමුල්ල ප්‍රදේශයේ සහ බොරැල්ල ප්‍රදේශයේ සුරාබදු බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන 2ක් සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් මුද්‍රා තබා ඇත. මේ වැටලීම සුරාබදු කොමසාරිස් ජනරාල් වරයාට ලද විශේෂ තොරතුරක් මත නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.