ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම අරමුණු කරගත් ENTRE FAIR 2025 ඉකුත් දා (2) සාර්ථක අන්දමින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතුළත හා විශ්වවිද්‍යාලයෙන් පිටත සිටින සුළු හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ Entre Club විසින් මෙම වෙළෙඳ භාණ්ඩ අලෙවිය සහ ගී සැඳෑව සංවිධාන කරනු ලැබීය. මෙහිදී ව්‍යවසායක විද්‍යාර්ථීන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දී තිබුණි. මෙම වැඩසටහන ඉකුත් (2) වැනිදා විශ්වවිද්‍යාල ප්‍රධාන පිවිසුම අසලදී සාර්ථක අන්දමින් පැවැත්විණි.
මෙහි වෙෙළඳ කුටි 3කට ආසන්න ප්‍රමාණයක් පැවති අතර ආහාරපාන, රෙදිපිළි, අත්කම් නිර්මාණ හා විනෝද ක්‍රීඩා ඇතුළු විශේෂාංග රැසකින් සමන්විතව තිබුණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කථිකාචාර්යවරුන්, සමාජමාධ්‍ය ක්‍රියාකාරින්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ඇතුළු ගම්වැසියෝ රැසක් මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගි වී සිටියහ.