අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට බලපෑ හැකි අන්දම පිළිබඳ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (07) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් වශයෙන් මුහුණ දෙන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට බලපෑ හැකි අන්දම දීර්ඝව මෙම සාකච්ඡාවේ දී අවධානයට යොමු විය.
2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා, අධ්‍යක්ෂ ජනරාල් සහ යුරෝපා හා උතුරු අෙමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගි වූහ.