Wednesday, April 9, 2025
Home » තිර­සර සංව­ර්ධන ඉල­ක්ක­ව­ලට අනුව, මාතෘ මරණ අනු­පා­ති­කය ලක්ෂ­ය­කට 70යි ශ්‍රී ලංකාවේ ලක්ෂ­ය­කට 25යි

තිර­සර සංව­ර්ධන ඉල­ක්ක­ව­ලට අනුව, මාතෘ මරණ අනු­පා­ති­කය ලක්ෂ­ය­කට 70යි ශ්‍රී ලංකාවේ ලක්ෂ­ය­කට 25යි

by Gayan Abeykoon
April 8, 2025 8:26 am 0 comment

සන්ධ්යා කරු­ණා­රත්න

තිර­සර සංව­ර්ධන ඉල­ක්ක­ව­ලට අනුව මාතෘ මරණ අනු­පා­ති­කය ලක්ෂ­ය­කට 70 දක්වා අඩු කර ගත යුතු වුවත්, ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනු­පා­තය වර්ත­මා­නය වන විට ලක්ෂ­ය­කට 25ක් දක්වා අවම කර ඇතැයි සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

එය මෙරට නිද­හස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා­ගෙන ඇති ජය­ග්‍ර­හ­ණ­යක් බවත්, එම අගය තව­දු­ර­ටත් අවම කර ගනි­මින් ගුණා­ත්මක සෞඛ්‍ය සේවා­වක් රට තුළ තහ­වුරු කර ගැනීම සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ අර­මුණ යැයි ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ මෙරට කාර්යා­ලයේ වැඩ­බ­ලන ආය­තන ප්‍රධානී වෛද්‍ය ෆාරුක් කුරේෂී මහතා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ දී හමු වූ අව­ස්ථාවේ දී ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

ලෝක සෞඛ්‍ය දිනය වෙනු­වෙන් ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ මෙරට කාර්යා­ලය සහ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය එක්ව සංවි­ධා­නය කරනු ලැබූ තෙදින මාර්ග­ගත සම්ම­න්ත්‍රණ මාලාව ඇසු­රින් සැකසූ විශේෂ විද්වත් වාර්තාව අමා­ත්‍ය­ව­ර­යාට භාර දීම වෙනු­වෙන් මෙම හමුව පැවැ­ත්විණි.

ලෝක සෞඛ්‍ය දිනය සෑම වර්ෂ­ය­කම අප්‍රේල්  මස 7 වැනි දිනට යෙදී ඇති අතර, මෙවර එම දිනයේ තේමාව Òසෞඛ්‍ය සම්පන්න ආර­ම්භ­යක් – බලා­පො­රොත්තු සහ­ගත අනා­ග­ත­යක්Ó යන්නය.

ලෝක සෞඛ්‍ය දිනය වෙනු­වෙන් සෑම වර්ෂ­ය­කම විවිධ ජන­තා­වාදී වැඩ­ස­ට­හන් ක්‍රියා­වට නැංවී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය සහ මෙරට ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය කට­යුතු කළ අතර, මෙම වර්ෂයේ යෝජිත තේමාව යටතේ මාතෘ හා නව ජන්ම මරණ වැළැ­ක්වීම පිණිස මෙරට සහ ජාත්‍ය­න්තර ප්‍රජාවේ කැප­වීම තහ­වුරු කර­මින් පසු­ගිය අප්‍රේල් 1, 2 සහ 3 යන තෙදින මාතෘ පෝෂ­ණය, මාතෘ මාන­සික සෞඛ්‍ය සහ මාතෘ යහ­පැ­වැත්ම යන මාතෘ­කා­වන් යටතේ ක්ෂේත්‍ර­යට අදාළ විශේ­ෂ­ඥ­යින්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් විශේෂ සම්ම­න්ත්‍රණ මාලා­වක් මාර්ග­ගත ක්‍රමය ඔස්සේ පැවැ­ත්වී­මට කට­යුතු කෙරිණි.

මෙම වාර්තාවේ සඳ­හන් කරුණු පිළි­බ­ඳව අව­ධා­නය යොමු කර­මින් එම කරුණු ක්‍රියා­කාරී සැලැ­ස්මට ඇතු­ළත් කිරී­මට පිය­වර ගන්නා බවත්  මෙවැනි සතු­ටු­දා­යක තත්ත්ව­ය­කට යාමට හැකි­යාව ලැබී තිබෙන්නේ මෙරට සියලු සෞඛ්‍ය වෘත්ති­ක­යන්ගේ දැඩි කැප­වීම නිසා බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.

වත්මන් රජය මවු­ව­රුන් සහ දරු­වන්ගේ සෞඛ්‍ය ආර­ක්ෂ­ණය සහ පෝෂ­ණය  කෙරෙහි වැඩි අව­දා­න­යක් යොමු කරන බවත්, ඔවුන් මෙරට අනා­ගත ජීව­නා­ලිය වන බැවින් ඒ සඳහා විශේ­ෂිත වැඩ­ස­ට­හන් ද ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර ඇති බවත් අමා­ත්‍ය­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

එමෙන්ම ප්‍රාථ­මික සෞඛ්‍ය කෙරෙහි දැඩි අව­ධා­න­යක් යොමු කරන වත්මන් රජය ඒ සඳ­හාම විශේෂ ව්‍යාපෘති ක්‍රියා­ත්මක කරන බව ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

මෙම අනු­පා­ත­යන් තව­දු­ර­ටත් අවම කර ගැනී­මට අවශ්‍ය වන තාක්ෂ­ණික දැනුම මෙන්ම අවශ්‍ය වන සහ­යෝ­ගී­තාව නිර­තු­රුව ලබා­දී­මට කට­යුතු කරන බව වැඩ­බ­ලන ආය­තන ප්‍රධානී වෛද්‍ය  ෆාරුක් කුරේෂී මහතා මෙම හමු­වේදී අමා­ත්‍ය­ව­ර­යාට පැව­සීය.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ මෙරට කාර්යා­ලයේ උප­දේ­ශක විශේ­ෂඥ වෛද්‍ය සූසි පෙරේරා, වෛද්‍ය යසාරා සම­ර­කෝන්, වෛද්‍ය සමීර හේවගේ,  වෛද්‍ය සුවී­න්ද්‍රන් තිරු­පති මහත්ම මහ­ත්මීන් ඇතුළු නිල­ධා­රීහු පිරි­සක් ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT