Saturday, April 19, 2025
Home » බුද්ධ­ගයා අර්බු­දය ගැන සැකසූ සංදේ­ශ­යක් මහ­නා­හි­මි­වරු ඉන්දීය අග­මැ­තිට භාර දෙති

බුද්ධ­ගයා අර්බු­දය ගැන සැකසූ සංදේ­ශ­යක් මහ­නා­හි­මි­වරු ඉන්දීය අග­මැ­තිට භාර දෙති

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

බුද්ධ­ගයා අර්බු­දය පිළි­බ­ඳව කරුණු සඳ­හන් කර­මින් සකස් කරන ලද සංදේ­ශ­යක් මහ­නා­හි­මි­ව­රුන් විසින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාට අනු­රා­ධ­පුර ජය ශ්‍රී මහා බෝ සමි­ඳුන් අබි­ය­සදී භාර දෙන ලදී.ඉන්දීය අග­මැ­තිගේ තෙදින නිල සංචා­රය නිම කර යළි ඉන්දි­යා­වට යෑමට පෙර පෙරේදා (06) ජය ශ්‍රී මහා බෝ සමි­ඳුන්ගේ ආශි­ර්වාද ලබා ගැනී­මට ගිය අව­ස්ථා­වේදී එම සංදේ­ශය සංඛේ­තා­ත්ම­කව භාර­දී­මට මහ­නා­හි­මි­වරු පිය­වර ගත්හ. බුද්ධ­ග­යාව දැඩි ලෙස හින්දු­ක­ර­ණ­යට ලක් වෙමින් පව­තින බවත්, බුද්ධ­ගයා පරි­පා­ලන මණ්ඩ­ලයේ බහු­ත­රය හින්දූ­න්ගෙන් සම­න්වි­තව ඇති බවත් පව­ස­මින් එයට දැඩි විරෝ­ධ­යක් ඉන්දි­යා­වෙන්ම මතුව තිබේ. එයට නාය­ක­ත්වය දෙන ඉන්දීය බෞද්ධ­යන් ප්‍රකාශ කරන්නේ වහාම බුද්ධ­ග­යාවේ අයි­තිය සහ පරි­පා­ල­නය සම්බ­න්ධව වග­කීම සම්පූ­ර්ණ­යෙන් බෞද්ධ­යන්ට පව­රන ලෙසයි. මේ අනුව උද්ග­තව තිබෙන තත්ත්වය සලකා බල­මින් මහා­නා­යක මාහි­මි­ව­රුන්ගේ අත්ස­නින් යුතුව මේ සංදේ­ශය භාර දුන්හ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT