Home » මාතර රාහුල විදු­හලේ සිසු පිරි­සක් ජනා­ධි­පති කාර්යා­ලය නැර­ඹී­මට එති

මාතර රාහුල විදු­හලේ සිසු පිරි­සක් ජනා­ධි­පති කාර්යා­ලය නැර­ඹී­මට එති

by Gayan Abeykoon
April 8, 2025 4:02 pm 0 comment

මාතර රාහුල විද්‍යා­ලයේ සිසු පිරි­සක් ජනා­ධි­පති කාර්යා­ලය සහ ජනා­ධි­පති මන්දි­රය නැර­ඹී­මට ඊයේ (07) පැමි­ණි­යහ. ජනා­ධි­පති කාර්යා­ලය, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය හා පාර්ලි­මේන්තු ජන­ස­න්නි­වේ­දන අංශය ඒකා­බ­ද්ධව ක්‍රියා­ත්මක කරන මේ වැඩ­ස­ට­හන යටතේ පාසල් දරු­වන්ගේ අධ්‍ය­යන ක්ෂේත්‍ර­යන්ට අදා­ළව ජනා­ධි­පති කාර්යා­ලය, ජනා­ධි­පති මන්දි­රය, කොළඹ වරාය නග­රය හා පාර්ලි­මේ­න්තුව නැර­ඹී­මට අව­ස්ථාව උදා කර දී ඇත.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව ක්‍රියා­ත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩ­ස­ට­හන” පාර්ලි­මේන්තු ඉති­හා­සය, විධා­ය­කයේ කාර්ය­භා­රය සහ නීතියේ ආධි­ප­ත්‍යය සම්බ­න්ධව විද්‍යා­ලයේ ආචාර්ය මණ්ඩ­ලය සහ ශිෂ්‍ය­යන් දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් ද මෙයට සම­ගා­මීව ක්‍රියා­ත්මක කෙරිණි.

මීට අම­ත­රව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව මාතර රාහුල විද්‍යා­ලය ආරම්භ කළ රුක් රෝපණ සතිය නිමි­ත්තෙන් විද්‍යා­ලය වෙත වටිනා ශාක ප්‍රදා­නය කිරීම අග්‍රා­මාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රිය සහ ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක මහතා අතින් සිදු­විය.

ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය නැර­ඹී­මට පැමිණ සිටි පාසල් සිසුන් වෙනු­වෙන් අග­මැ­ති­නිය සහ ජනා­ධි­පති ලේක­ම්ව­රයා දේශ­න­යක් ද සිදු කළහ.

මෙහිදී සිසුන් අග්‍රා­මා­ත්‍ය­ව­රිය වෙත ප්‍රශ්න කිහි­ප­යක්ද යොමු කළ අතර, අග්‍රා­මා­ත්‍ය­ව­රිය එම ප්‍රශ්න­ව­ලට පිළි­තුරු ලබා දුන්නාය.

ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් කේ.එම්.එන්. කුමා­ර­සිංහ, ජනා­ධි­පති උප­දේ­ශක (නීති) නීතිඥ ජේ.එම්. විජේ­බ­ණ්ඩාර, අධ්‍යක්ෂ (ත්‍රිවිධ හමුදා සම්බ­න්ධී­ක­රණ) එයාර් කොම­දෝරු ආසිරි ගාල්ලගේ,  සහ­කාර අධ්‍යක්ෂ නදීක දංගොල්ල මහ­ත්ව­රුද, මාතර රාහුල විද්‍යා­ලයේ විදු­හ­ල්ප­තිනි සමිතා කුරු­කු­ල­සූ­රිය මහ­ත්මිය ඇතුළු ගුරු භව­තුන් පිරි­සක්ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT