“ජන හා නිවාස සංගණනය – 2024 වාර්තාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (07) පෙරවරුවේ පිළිගැනිවිණි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් 2024 ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද දත්ත පදනම් කර ගනිමින් මේ සංගණන මූලික වාර්තාව සකස් කර ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික් අනුව ජනගහන ව්‍යාප්තිය පිළිබඳව මේ සංගණන වාර්තාවේ සඳහන් වේ. සංගණනයෙන් රැස් කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට රජයට මෙන්ම අනෙකුත් ආයතන සඳහා ද ඉතා වැදගත් වේ. සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට දත්ත රැස් කිරීමට ටැබ්ලට් පරිගණක හා සුහුරු ජංගම දුරකතන භාවිත කිරීම ද මෙවර සංගණනයේ විශේෂත්වයකි. මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ. සෙනෙවිරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.