භූමිකම්පාව හේතුවෙන් මියන්මාරයේ මේ වන විට ජීවිත 3000ට වඩා අහිමි වී ඇති අතර තවත් 5000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් අතුරුදන් වී ඇත.ලංකාවේ වැඩිම විදේශ සිසුන් හා භික්ෂු භික්ෂුණීන් ඉගෙනුම ලබන කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලී පශ්චාත් අධ්‍යයන ආයතනය මේ ව්‍යසනයෙන් හානියට ලක්වූ මියන්මාරය වෙනුවෙන් රුපියල් මිලියන 10ක පරිත්‍යාගයක් ප්රදානය කරයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලී පශ්චාත් අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමියන්ගේ ප්‍රධාත්වයෙන් පැවති මේ අවස්ථාවට මියන්මාරයේ හා තායිලන්තයේ තානාපති නිලධාරීන්,විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විදේශීය හා දේශීය සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. ධම්මජෝති හිමියන් පැවසුවේ අනාගතයේද ව්‍යසනයෙන් බැටකෑ සහෝදර ජනතාව වෙනුවෙන් හැකි උපරිමය සිදු කරන අතර දෙරට අතර ඇති අනාදිමත් ඉතිහාසය මතුවටත් එලෙසම පවත්වා ගැනීමට කටයුතු කරන බවයි.