“අහරින් සුරක්ෂිත දැයක් තනන්නට,එක මිටට – ගොවිබිමට”යන තේමාව පෙරදැරි කර ගනිමින් ජාතික 58 වන අලුත් සහල් මංගල්‍යය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනා මැද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී පසුගියදා (05) පැවැත්විණි.
ගොවි ජනතාව අස්වනු නෙළා ගැනීමෙන් පසුව එහි අග්‍ර කොටස බුදුන්ට පූජා කර ආශීර්වාද ලබා ගැනීමේ මේ මහා පුණ්‍ය උත්සවයට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලින් අලුත් සහල් රැගෙන ආ අතර එම සහල් පෙරහරින් පැමිණ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස තබා ඇති මහා පාත්‍රයට පිරවීම මෙහි දී සිදු කෙරිණි.
ඇමැතිවරුන් වන වසන්ත සමරසිංහ,කේ.ඩී.ලාල්කාන්ත, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නාමල් කරුණාරත්න, සුසිල් රණසිංහ මහත්වරුන්,අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, අනුරාධපුර ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් කැලුම් දිසානායක, පළාත් කෘෂිකර්ම ලේකම් ගාමිණි සේනාරත්න, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.