Saturday, April 19, 2025
Home » උඩු­ගු­ව­නේදී ශ්‍රී ලාංකි­ක­යාගේ මුදල් සොරා­ගත් චීන ජාති­ක දෙදෙනා කටු­නා­ය­කදී අත්අ­ඩං­ගු­වට

උඩු­ගු­ව­නේදී ශ්‍රී ලාංකි­ක­යාගේ මුදල් සොරා­ගත් චීන ජාති­ක දෙදෙනා කටු­නා­ය­කදී අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

තායි­ල­න්තයේ සිට කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණි ගුව­න්යා­න­යක ගමන් ගත් ගුවන් මගි­ය­කුගේ අත්බෑ­ගය තුළ වූ දේශීය සහ විදේ­ශීය මුදල් තොග­යක් සොරා­ගත් චීන ජාති­ක­යන් දෙදෙ­නකු ඊයේ (07) උදෑ­සන අත්අ­ඩං­ගු­වට ගත් බව ගුව­න්තො­ටු­පොළ පොලී­සිය පව­සයි.

සොරා­ගනු ලැබූ එම මුද­ලින් කොට­සක් ද පොලී­සිය විසින් සොයා­ගනු ලැබ තිබිණි.

ශ්‍රී ලංකාවේ සහ අමෙ­රි­කාවේ ද්විත්ව පුර­වැ­සි­භා­වය හිමි 71 හැවි­රිදි මොහු රාගම, වැලි­සර ප්‍රදේ­ශයේ පදිංචි තම ඥාතීන් බැලීම සඳහා කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමි­ණෙ­මින් සිටි­යේය.

ඔහු ඊයේ (07) දින අලු­යම 12.43ට තායි­ල­න්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුව­න්යා­න­යෙන් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ සිටි­යේය. මොහු සිය ගමන් මල්ල, ගුවන් යාන­යෙහි ගමන් මලු රාක්කයේ තබා, නිදා­ගෙන පැමිණ සිටි අතර, එම ගුව­න්යා­න­යෙහි ගමන් ගත් චීන ජාති­ක­යන් දෙදෙ­නකු, එම ගමන් මල්ල තුළ වූ අමෙ­රි­කානු ඩොලර් 2,000ක් සහ ශ්‍රී ලංකා රුපි­යල් 60,000ක් සොරා­ගෙන තිබේ.

මෙම සිදු­වීම දුටු අනෙ­කුත් ගුවන් මගීන් මේ පිළි­බඳ ගුව­න්යානා කාර්ය මණ්ඩ­ලය දැනු­වත් කිරී­මට පිය­වර ගෙන ඇත.

ඉන්ප­සුව මෙම ගුව­න්යා­නය කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත ගොඩ­බැස්ස වීමෙන් අන­තු­රුව ගුව­න්යානා කාර්ය මණ්ඩ­ලය විසින් මෙම චීන ජාති­ක­යන් දෙදෙනා ගුව­න්තො­ටු­පොළ ආර­ක්ෂක නිල­ධා­රීන් වෙත භාර දී තිබේ.

ඒ අනුව 36 හැවි­රිදි එක් චීන ජාති­ක­යකු සන්ත­ක­යෙහි තිබූ අමෙ­රි­කානු ඩොලර් 900ක් සහ ශ්‍රී ලංකා රුපි­යල් 55,000ක මුද­ලක් ද, අනෙක් 39 හැවි­රිදි චීන ජාති­කයා සන්ත­ක­යෙහි අමෙ­රි­කානු ඩොලර් 300ක මුද­ලක් ද සඟවා ගෙන තිබි­යදී පොලී­සිය විසින් සොයා­ගෙන තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT