Saturday, April 19, 2025
Home » බුල­ත්සිං­හල කඩ­යක් කොල්ලකා පැන යමින් සිටි දෙදෙනා පොලී­සිය හඹා ගොස් අල්ලා ගනී

බුල­ත්සිං­හල කඩ­යක් කොල්ලකා පැන යමින් සිටි දෙදෙනා පොලී­සිය හඹා ගොස් අල්ලා ගනී

by Gayan Abeykoon
April 8, 2025 4:02 pm 0 comment

කළු­තර ගල්පාත චන්දන පෙරේරා

බුල­ත්සිං­හල නග­රයේ වෙළ­ඳ­සැ­ලක් කොල්ලකා පලා යමින් සිටි පුද්ග­ල­යන් දෙදෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගත් බව අඟු­රු­වා­තොට පොලී­සිය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ බුල­ත්සිං­හල පදිංචි වයස අවු­රුදු 20-22 අතර පුද්ග­ල­යන් දෙදෙ­නෙකි.

බුල­ත්සිං­හල සිට යාල හන්දිය හරහා ඊයේ (07) රාත්‍රී 1.00ට පමණ කළු­තර දෙසට අධික වේග­යෙන් ගමන් කිරී­මට පැමිණි යතු­රු­පැ­දි­යක් නව­තන ලෙසට යාල මංස­න්ධියේ ආර­ක්ෂක මුර රාජ­කා­රියේ යෙදී සිටි පොලිස් නිල­ධාරී කණ්ඩා­යම සංඥා කර ඇති බවත් ඔවුන් අණ නොතකා ධාව­නය කර ඇති බවත් පොලී­සිය පව­සයි. පසුව හදිසි මාර්ග බාධක යොදා මෙම සැක­ක­රු­වන් දෙදෙනා අල්ලා ගැනී­මට පොලී­සිය සමත් වී ඇත.

සැක­ක­රු­ව­න්ගෙන් ප්‍රශ්න කිරී­මේදී බුල­ත්සිං­හල නග­රයේ වෙළ­ඳ­සැ­ලක් කොල්ලකා පලා­යන බවට තොර­තුරු අනා­ව­ර­ණය වූ බවය පොලී­සිය කියයි.

සැක­ක­රු­වන් කොල්ලකා තිබූ භාණ්ඩ අතර රුපි­යල් 65000 මුද­ලක්,  දුම්වැටි පැකට් 25ක්, ජංගම දුර­ක­තන පෙර ගෙවුම් කාඩ් 450ක ප්‍රමා­ණ­යක් හා සැක­ක­රු­වන් ගමන් ගත් යතු­රු­පැ­දිය පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT