Home » සැක­කරු හා සැක­කා­රිය තව­දු­ර­ටත් රිමාන්ඩ්
පිළිකා රෝගීන්ට පරි­ත්‍යාග කරන මුදල් වංචා කිරීම:

සැක­කරු හා සැක­කා­රිය තව­දු­ර­ටත් රිමාන්ඩ්

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

කල්පනි අබේ­සිංහ

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණු­ම්ව­ලට ජන­තාව පරි­ත්‍යාග කළ ලක්ෂ 22කට අධික මුදල් වංචා සහ­ග­තව ලබා­ගත් බව කියන සිද්ධි­යට අදාළ සැක­කරු හා සැක­කා­රිය ලබන 11 වැනිදා දින දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසාන් අම­ර­සේන මහතා ඊයේ (7) නියෝග කළාය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අන්ත­ර්ජාල ආවේ­ක්ෂණ අංශය මඟින් සිද්ධි­යට අදා­ළව කරන ලද කරුණු දැක්වී­මෙන් අන­තු­රුව මෙලෙස නියෝග කෙරිණි.  කඩු­වෙල ප්‍රදේ­ශයේ ඥාතීන් වන රසිකා දම­යන්ති හා මලිත් භාෂණ නමැති දෙදෙ­නෙකු එසේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරුණි.

මෙම සිද්ධි­යට අදාළ පළමු සැක­කා­රිය වන රසිකා දම­යන්ති පිළිකා රෝගීන් හට ආධාර ලබා දෙන බවට රවටා රෝගීන්ගේ බැංකු ගිණුම් ඔස්සේ ලක්ෂ 7කට අධික මුද­ලක් වංචා කිරීමේ සිද්ධි­ය­කට අදා­ළව නික­වැ­ර­ටිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ ද නඩු­වක් පව­තින බව විම­ර්ශන නිල­ධා­රීහු අධි­ක­ර­ණ­යට දැනුම් දුන්හ.

නෙල්ලෝ­පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි තනූජා මල්කාන්ති නමැති කාන්තා­වක් අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අන්ත­ර්ජාල ආවේ­ක්ෂණ අංශය වෙත කරන ලද පැමි­ණි­ල්ලක් අනුව සැක­ක­රු­වන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර තිබිණි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් කරුණු දක්ව­මින් එම විම­ර්ශන නිල­ධා­රීන් අධි­ක­ර­ණය හමුවේ කියා සිටියේ පිළිකා රෝගී තත්ත්ව­යෙන් පසු­වන ඇතැම් පුද්ග­ල­යන් සිය රෝගී තත්ත්වය සුව කර ගැනීම සඳහා ආධාර ලබා­දෙන ලෙස ඉල්ලා පුව­ත්ප­ත්වල දැන්වීම් පළ කර ඇති බවය.

එසේ පළ කරන දැන්වී­ම්වල සඳ­හන් දුර­ක­තන අංක­යන්ට කතා­කර ඇති සැක­ක­රු­වන් දෙදෙනා එම රෝගීන්ට මුදල් පරි­ත්‍යාග කරන මුවා­වෙන් ඔවුන්ගේ පෞද්ග­ලික තොර­තුරු පත්‍රි­කා­වක් මෙන්ම ගිණුම් අංකද ලබා­ගෙන ඇති බවත්ය.

සැක­කාර පුද්ග­ල­යන් එම ලිය­කි­ය­විලි භාවිත කර­මින් එම රෝගීන්ගේ නමට පෞද්ග­ලික දුර­ක­තන සමා­ග­ම්ව­ලින් සිම් කාඩ්පත් ලබා­ගෙන ඇති බවත් එම සිම් කාඩ්පත්හි දත්ත හරහා අදාළ පිළිකා රෝගීන්ගේ ගිණු­ම්ව­ලට ඇතු­ළුවී එම ගිණු­ම්වල තිබෙන මුදල් එසේ වංච­නි­කව ලබා­ගෙන ඇති බවද විම­ර්ශන නිල­ධා­රීන් අධි­ක­ර­ණ­යට දැන්වීය.

මෙම සැක­ක­රු­වන් ජංගම දුර­ක­තන හා සිම්පත් විශාල සංඛ්‍යා­වක් භාවිත කර­මින් මෙම වංචා සහ­ගත ක්‍රියාව සිදු­කර ඇති බවද ඊට අදාළ ජංගම දුර­ක­තන, සිම්පත්, බැංකු කාඩ් ඇතුළු ලිය­කි­ය­විලි රැසක් පරි­ග­ණක අප­රාධ කොට්ඨා­සය භාර­යට ගෙන ඇති බවද පැමි­ණිල්ල මෙහෙ­යවූ එම නිල­ධා­රීන් අධි­ක­ර­ණය හමුවේ පැව­සීය.

තවත් සැක­ක­රු­වන් සිටී­නම් කඩි­න­මින් විම­ර්ශ­නය කර අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් පෙර නඩු දින­ය­කදී නියෝග කළාය. සිද්ධි­යට අදාළ සැක­ක­රු­වන් දෙදෙනා බන්ධ­නා­ගාර නිල­ධා­රින් ඊයේ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT