Tuesday, April 15, 2025
Home » විම­ර්ශන කමි­ටුව අද රැඳ­වූ­ව­න්ගෙන් ප්‍රකාශ සට­හන් කර ගනියි
රැඳ­වූ­වකු ඝාත­නය කිරීමේ සිද්ධිය:

විම­ර්ශන කමි­ටුව අද රැඳ­වූ­ව­න්ගෙන් ප්‍රකාශ සට­හන් කර ගනියි

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

බූස්ස අධි­ආ­ර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ රැඳ­වූ­වකු තවත් රැඳ­වූ­ව­කුට උල් ආයු­ධ­ය­කින් ඇන ඝාත­නය කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් මූලික විම­ර්ශ­නය සඳහා පත් කළ කමි­ටුව රැඳ­වූ­ව­න්ගෙන් ප්‍රකාශ සට­හන් කර ගැනීම අද (08) දිනයේ සිදු කිරී­මට නිය­මි­තය.

මේ පිළි­බඳ මූලික විම­ර්ශන කට­යුතු සඳහා වට­රැක බන්ධ­නා­ගා­රයේ සහ­කාර අධි­කා­රි­ව­රයා සහ බූස්ස බන්ධ­නා­ගා­රයේ ජේල­ර්ව­ර­ය­කුව බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව පත් කර ඇති අතර, සිද්ධිය සම්බ­න්ධ­යෙන් බන්ධ­නා­ගාර නිල­ධා­රින් සිව්දෙ­න­කු­ගෙන් ප්‍රකාශ සට­හන් කර ගෙන තිබේ.

එන්.කේ. ශිව­න­න්දන් (46) නැමැති බට­ල­න්ද­හේන ගොත­ටුව ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන මිය­ගිය සැක­කරු, මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් හෙරො­යින් මත්ද්‍රව්‍ය චෝද­නාව යටතේ 2022.06.09 වැනි දින රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇති අතර, කොළඹ මැග­සින් බන්ධ­නා­ගා­රය වෙත ඇතු­ළත් කිරී­මෙන් පසු රැඳ­වුම් නියෝග මත බූස්ස බන්ධ­නා­ගා­රය වෙත මාරු කර යවා තිබිණි.

එහිදී බූස්ස අධි­ආ­ර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ ‘සී’ වාට්ටුව තුළ රඳවා සිටි ඔහු පසු­ගිය 04 වැනි දින උදෑ­සන පපුව ප්‍රදේ­ශයේ ඇනුම් තුවාල සහි­තව රඳවා සිටි වාට්ටුවේ වැටී සිට ඇත. පසුව බන්ධ­නා­ගාර නිල­ධා­රීන් කඩි­න­මින් ගාල්ල ජාතික රෝහල වෙත රැගෙන යෑමට කට­යුතු කර ඇති අතර, එහිදී සැක­කරු මිය­ගොස් ඇති බවට රෝහල මඟින් දැනුම්දී තිබේ. බන්ධ­නා­ගාර ආරං­චි­මාර්ග පව­සන්නේ මෙම බන්ධ­නා­ගා­රයේ එකම සිර­මැ­දි­රි­යක රඳවා සිටි රැඳ­වූ­වන් දෙදෙ­නෙකු අතර ඇති වූ ආර­වු­ලක් හේතු­වෙන් මෙම ඝාත­නය සිදු වන්නට ඇති බවයි. බූස්ස බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින ‘කුඩු සළිඳු’ගේ කල්ලිය සමඟ මෙම රැඳ­වූවා හිත­නො­හො­ඳින් කල් ගෙවූ බවද බන්ධ­නා­ගාර ආරංචි මාර්ග සඳ­හන් කරයි. එම කල්ලි අතර පව­තින ගැටුම් හේතු­වෙන් මේ රැඳ­වූ­වාට පහර දීමක් සිදු කළේ ද යන්න පිළි­බ­ඳ­වත් සැක මතු වී තිබේ. කෙසේ වෙතත් එම බන්ධ­නා­ගාර නිල­ධා­රින් මත පළ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවා­රම් කල්ලි­ව­ලට සම්බන්ධ රැඳ­වූ­වන් අතර කලක පටන් පැවැති මත­භේ­ද­යක් මෙම සිද්ධි­යට මුල් වන්නට ඇති බවයි.

මිය­ගිය රැඳ­වූ­වාගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයු­ධ­ය­කින් ඇන තිබූ තුවාල හඳු­නා­ගෙන ඇති අතර මෙම සිද්ධි­යට අදාළ සැක­කරු, මිනී­මැ­රුම් නඩු ඇතුළු නඩු කීප­යක් සඳහා දැනට සිර­ද­ඬු­වම් විඳින රැඳ­වූ­වකු බවට හඳු­නා­ගෙන ඇත. මිය­ගිය රැඳ­වූ­වාගේ දේහය පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පසු­ගිය 05 වැනිදා ගාල්ල, කරා­පි­ටිය රෝහ­ලේදී සිදු කළ අතර මෘත ශරී­රය ඥාතීන් වෙත භාර දීම සිදු කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT