Home » මිය­ගිය තරු­ණයා නිවෙ­ස­කට ඇතුළු වී ඇති බවට පොලී­සිය කියන කතාව බොරු
වැලි­කඩ පොලිස් අත්අ­ඩං­ගු­වේදී තරු­ණ­යකු මිය­යෑම:

මිය­ගිය තරු­ණයා නිවෙ­ස­කට ඇතුළු වී ඇති බවට පොලී­සිය කියන කතාව බොරු

CID විම­ර්ශ­න­ව­ලින් හෙළි­වෙයි

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

වැලි­කඩ පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන අංගොඩ මාන­සික රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව සැක කට­යුතු ලෙස මිය­ගිය තරු­ණයා නිවෙ­ස­කට ඇතුළු වී සිටිය දී අත්අ­ඩං­ගු­වට ගත් බවට පොලී­සිය මුල් අව­ස්ථා­වේදී සඳ­හන් කළ ද සැබෑ ලෙසම එම තරු­ණයා නිවෙ­ස­කට ඇතුළු වී නැති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කරනු ලබන විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ.

මෙම තරු­ණයා රැඳී සිට ඇත්තේ නිවෙ­සක නොව ඉඩ­මක බවද අනා­ව­ර­ණය වී ඇත.

මෙම තරු­ණයා ඉඩමේ රැඳී සිටි­යදී ඒ ගැන සැක­සිතූ ප්‍රදේ­ශ­වා­සීන් 119 පොලිස් හදිසි ඇම­තුම් අංශ­යට කළ දැනු­ම්දීම් දී තිබේ. ඒ අනුව වැලි­කඩ පොලී­සියේ නිල­ධා­රීන් එහි ගොස් තරු­ණ­යාව අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බවත් විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත.

වැලි­කඩ පොලී­සිය පාර්ශ්ව­යෙන් සඳ­හන් කරනු ලබන්නේ තරු­ණයා මාන­සික ආබා­ධිත අයෙක් බවත් ඔහු පොලිස් ස්ථානය තුළදී සිය ඔළුව බිත්තියේ හප්පා ගනි­මින් නොස­න්සුන්ව හැසි­රුණු බවය. ඒ තත්ත්වය මත තරු­ණ­යාව මුල්ලේ­රි­යාව මාන­සික රෝහ­ලට ඇතු­ළත් කිරී­මට කට­යුතු කළ බවද වැලි­කඩ පොලී­සිය පාර්ශ්ව­යෙන් සඳ­හන් කරයි. මෙම තරු­ණයා මාන­සික රෝගි­යෙක් බව හෝ මාන­සික රෝග­යට ප්‍රති­කාර ලබා ගැනී­මක් සිදු කර ඇති අයෙක් බව මෙතෙක් විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී නැත. එම තරු­ණ­යාගේ පවුලේ සාමා­ජි­ක­යන් හෝ ඔහුගේ සමී­ප­ත­ම­යන් හෝ ඒ ගැන සඳ­හන් කරන්නේ නැත. එසේ තිබි­යදී වැලි­කඩ පොලී­සියේ නිල­ධා­රීන් ඔහු මාන­සික රෝගි­යෙක් බව උප­ක­ල්ප­නය කර­මින් ඔහුව මුල්ලේ­රි­යාව මාන­සික රෝහ­ලට ඇතු­ළත් කරනු ලැබී­මද මේ වන විට සැක­යට ලක්ව තිබේ.

විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇති ආකා­ර­යට අනුව 119 හදිසි ඇම­තුම් මධ්‍ය­ස්ථා­න­යෙන් වැලි­කඩ පොලිස් ස්ථාන­යට දුර­ක­තන පණි­වු­ඩය ලැබී ඇත්තේ අප්‍රේල් 01 වැනිදා රාත්‍රී 9.35ට පම­ණය. ඒ අනුව වැලි­කඩ පොලී­සියේ නිල­ධා­රීන් විනාඩි 10ක් ඇතු­ළත රාජ­ගි­රිය නාවල පාරේ ශ්‍රී රත­න­ජෝති මාවතේ ඉඩ­මට ගොස් තරු­ණ­යාව සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙම තරු­ණ­යාව පොලිස් ස්ථාන­යට රැගෙන ආ බවට පොලිස් පොත්වල සට­හන් තබා ඇත්තේ රාත්‍රී 10.20ට පම­ණය. තරු­ණ­යාව රෝහ­ලට රැගෙන ගියේ යැයි සඳ­හන් වන්නේ රාත්‍රී 10.50ට පම­ණය. තරු­ණයා මිය­ගොස් ඇත්තේ රෝහ­ල්ගත කිරී­මෙන් අන­තු­රු­වය. මෙම තරු­ණයා රැඳී සිටි ස්ථානය අසල නිවෙ­සක ඇති ආර­ක්ෂක කැම­රා­වක ඩී.වී.ආර්.එක ද විම­ර්ශන කට­යුතු සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිය භාර­යට ගෙන ඇත. එම ඩී.වී.ආර්. එක තිබී ඇත්තේ පද්ධ­ති­යෙන් ගලවා සඟවා බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

මෙම තරු­ණ­යාගේ මර­ණය මේ වන විට සමා­ජයේ දැඩි ආන්දෝ­ල­න­යට තුඩු දී ඇත. වැලි­කඩ පොලිස් ස්ථානයේ පරි­පා­ලන දුර්ව­ලතා මෙම තත්ත්ව­යට මුල්වී ඇති බව පොලිස් බල­ධා­රීන්ට පෙනී ගොස් තිබේ. මෑත­කදී වැලි­කඩ පොලී­සියේ නිල­ධා­රීන් දෙදෙ­නෙක් කොළඹ සිදු වූ පුද්ගල පැහැ­ර­ගැ­නීම් දෙකක් සහ මංකො­ල්ල­කෑම් දෙකක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි. එසේම වැලි­කඩ පොලී­සියේ නිල­ධා­රි­යෙක් මත්කුඩු සමඟ වැල්ල­ම්පි­ටි­යේදී හසු විය‍. පොලී­සිය ඉදි­රි­පිට පිහිටි ප්‍රධාන මාර්ග­යට යාබද ගොඩ­නැ­ඟි­ල්ලක මල්පෝ­ච්චි­යක් අස්සේ තිබී හමුවූ බෝම්බ­යක් ගැන පොලිස් පොත්වල සට­හන් නොතබා එම බෝම්බය හමු­වීම සඟවා තැබී­මට උත්සාහ දැරී­මක් සම්බ­න්ධ­යෙන්ද වැලි­කඩ පොලී­සි­යට චෝද­නා­වක් ඇත. ඒ ගැන නුගේ­ගොඩ කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි මංගල දෙහි­දෙ­ණිය මහතා පොලිස් බල­ධා­රීන් දැනු­ම්වත් කිරී­මක් සිදු­කර ඇති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT