පොදු දේපළ පනත යටතේ පවරා ඇති නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා බදුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත අද (07) රැගෙන ආ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්රාත් නුජිත් ද සිල්වා මහතා විසින් නියෝග කරන ලදි.
වෙනත් නඩුවක් සඳහා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඒ මහතා මෙම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිට බදුල්ල බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් අනතුරුව බදුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන එන ලදි.
ඌව පළාත් සභාවේ මහඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති අතර, අදාළ නඩුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර බස් රථයකින් ඔහු නැවත වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන ලදි.