Home » චාමර තවත් නඩු­ව­කට රිමාන්ඩ්

චාමර තවත් නඩු­ව­කට රිමාන්ඩ්

by Gayan Abeykoon
April 8, 2025 4:12 pm 0 comment

බදුල්ල සමූහ - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

පොදු දේපළ පනත යටතේ පවරා ඇති නඩු­ව­කට ඉදි­රි­පත් කිරීම සඳහා බදුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත අද (07) රැගෙන ආ  බදුල්ල දිස්ත්‍රික්  පාර්ලි­මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක මහතා අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන 21දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස බදුල්ල මහේ­ස්ත්‍රාත්  නුජිත් ද සිල්වා මහතා විසින් නියෝග කරන ලදි.

වෙනත් නඩු­වක් සඳහා දැනට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින ඒ මහතා මෙම නඩු­වට ඉදි­රි­පත් කිරීම සඳහා වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ සිට බදුල්ල බන්ධ­නා­ගා­රය වෙත රැගෙන ඒමෙන් අන­තු­රුව බදුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත රැගෙන එන ලදි.

ඌව පළාත් සභාවේ මහ­ඇ­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ කාල­යේදී සිදුවූ බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මෙම නඩුව පවරා ඇති අතර, අදාළ නඩු­වට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව බන්ධ­නා­ගාර බස් රථ­ය­කින් ඔහු නැවත වැලි­කඩ බන්ධ­නා­ගා­රය වෙත රැගෙන යන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT