සිය මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නමැත්තියගේ ගිණුමට මුදල් බැරවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය දෙකක පමණ කාලයක් ප්‍රශ්න කර ඊයේ (07) ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
මුදල් විශුද්ධිකරණය යටතේ සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ඩේසි ෆොරස්ට් නමැති අයගේ බැංකු ගිණුමකට රුපියල් මිලියන 59ක මුදලක් බැරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වනු ලබයි.
එම විමර්ශනයට අදාළව කළ ප්‍රශ්න කිරීම්වලදී එම මුදල ඇගේ ගිණුමට බැරකර ඇත්තේ කවුරුන්දැයි ඇය නිශ්චිතව නොදන්නා බව සඳහන් කරමින් නම් කිහිපයක් සඳහන් කර ඇත. ඒ අය එම මුදල් බැර කළාදැයි නොදන්නා බව ඇය එහිදී සඳහන් කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ඡායාරූපය – වාසිත පටබැඳිගේ