Home » චීනයේ විදේශ විනිමය සංචිතය මාස 16ක් පුරා අඛණ්ඩව ඇ.ඩො. ට්‍රිලියන 3.2ක ඉක්මවයි

චීනයේ විදේශ විනිමය සංචිතය මාස 16ක් පුරා අඛණ්ඩව ඇ.ඩො. ට්‍රිලියන 3.2ක ඉක්මවයි

by chanaka
April 8, 2025 1:46 pm 0 comment

චීන ජාතික විදේශ විනිමය පරිපාලනය ඊයේ(7) නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය මාර්තු මාසයේ අවසානය වන විට, චීනයේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇ.ඩො. ට්‍රිලියන 3.24ක් වූ අතර, එය පෙබරවාරි හා සැසඳීමේදී 0.42%ක වර්ධනයකි.

චීනයේ විදේශ විනිමය සංචිතය මාස 16ක් පුරා අඛණ්ඩව ඇ.ඩො. ට්‍රිලියන 3.2 ඉක්මවා තිබේ.

චීනයේ ආර්ථික ක්‍රියාකාරීත්වය සමස්තයක් ලෙසට ස්ථාවරව පවතී.

කොටස් ප්‍රතිපත්ති සහ ‍වර්ධනීය ප්‍රතිපත්ති මාලාවක් අඛණ්ඩව මැනවින් ක්‍රියාත්මක කෙරෙන අතර, උසස් ගුණාත්මක සංවර්ධනය ශක්තිමත්ව ප්‍රවර්ධනය කෙරේ. එය විදේශ විනිමය සංචිතවල මූලික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට සහායක් බව, චීන ජාතික විදේශ විනිමය පරිපාලනය පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT