208
ඇමරිකාවෙන් ආනයනය කෙරෙන නිෂ්පාදන රැසක් සඳහා සියයට 25ක තීරු බදු පැනවීමට යුරෝපා සංගමය යෝජනා කරන බව එම සංගමයේ ලේඛනයක සඳහන් වේ. එය මැයි මස 16 වැනිදා ක්‍රියාත්මක කෙරේ.
වෙළඳ හා ආර්ථික ආරක්ෂාව පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Maroš Šefčovič ඊයේ(7) පැවසුවේ ආනයනික වානේ හා ඇලුමිනියම් ලෝහ වෙත ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීම පිළිබඳ ප්‍රති පියවර ගැනීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් හෙට(9) ඡන්ද විමසීමක් පවත්වන බවයි.
එම ප්‍රති පියවර සම්මත වුවහොත් ඇමරිකාව වෙත යුරෝපා සංගමය පනවන පළමු තීරු බදු සැලැස්ම ලබන 15 වැනිදා සිට ක්‍රියාත්කම කෙරෙන අතර දෙවන තීරු බදු සැලැස්ම මැයි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව Maroš Šefčovič කියා සිටියේය.