Home » යුරෝ­පය සහ ඉන්දි­යාව අතර නිද­හස් වෙළෙඳ ගිවි­සු­මක්

යුරෝ­පය සහ ඉන්දි­යාව අතර නිද­හස් වෙළෙඳ ගිවි­සු­මක්

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

අමෙ­රි­කාව විසින් ආන­ය­නික භාණ්ඩ සඳහා තීරු­බදු ඉහළ නැංවීමේ ක්‍රියා­ව­ලිය මධ්‍යයේ යුරෝ­පය මේ වසර අව­සන් වීමට පෙර ඉන්දි­යාව සමඟ නිද­හස් වෙළෙඳ ගිවි­සු­ම­කට එළැ­ඹී­මට සැල­සුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර කිහි­ප­යක් පුරා දෙපා­ර්ශ්වය අතර සිදු­කළ සාකච්ඡා අව­සන් අදි­යරේ පව­තින බවත්, කෘෂි­කා­ර්මික, ඖෂධ හා මෝටර් රථ එම නිද­හස් වෙළෙඳ ගිවි­සුම මඟින් ප්‍රමු­ඛ­තාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. යුරෝ­පීය බාහිර ක්‍රියා­කා­ර­කම් සේවාවේ දේශ­ගු­ණය හා පරි­ස­රය සඳහා පත් කර ඇති විශේෂ නියෝ­ජිත ඇන්තනී ඇගෝතා දෙපා­ර්ශ්වය අතර නිද­හස් වෙළෙඳ ගිවි­සු­මක වැද­ග­ත්කම ඉස්මතු කර­මින් ඒ පිළි­බඳ සාකච්ඡා කඩි­න­මින් නිමා කිරී­මට කට­යුතු කර ඇතැයි ද, ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි සහ යුරෝපා සංග­මයේ ප්‍රධානි උර්සුලා වොන් ඩර් ලේයන් ද එම ගිවි­සුම සම්බ­න්ධව ධනා­ත්මක ප්‍රති­චාර දක්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. මේ වන­වි­ටත් යුරෝ­පය ඉන්දි­යාවේ විශා­ල­තම වෙළෙඳ සහ­කරු වන බවත්, වසර 2023දී පම­ණක් දෙරට අතර පවුම් බිලි­යන 124ක වෙළෙඳ ගනු­දෙනු සිදුවී ඇති බවත් වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT