Home » බදු ප්‍රති­ප­ත්තියෙන් පසු ධවල මන්දි­ර­යෙන් රට­වල් 50ක් සාකච්ඡා ඉල්ලයි

බදු ප්‍රති­ප­ත්තියෙන් පසු ධවල මන්දි­ර­යෙන් රට­වල් 50ක් සාකච්ඡා ඉල්ලයි

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

ට්‍රම්ප්ගේ බදු ප්‍රති­ප­ත්තිය හේතු­වෙන් බල­පෑම් එල්ල වූ රට­වල් 50කට වැඩි ප්‍රමා­ණ­යක් ද්විපා­ර්ශ්වික වෙළෙඳ ගනු­දෙනු යළි සමා­ලෝ­ච­න­යට ලක් කිරී­මට සාක­ච්ඡා­වක් ඉල්ලා ඇතැයි ධවල මන්දි­රයේ පරි­පා­ලන නිල­ධා­රිහු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව තීරු බදු නිවේ­ද­නය කිරී­මෙන් පසු එම රට­වල නියෝ­ජි­ත­යන් අමෙ­රි­කාව සමඟ සාකච්ඡා ආරම්භ කළ බව අමෙ­රි­කාවේ භාණ්ඩා­ගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ. එහෙත් එම රට­වල් කව­රේ­දැයි ඔහු හෙළි නොකළ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ට්‍රම්ප්ගේ බදු ප්‍රති­ප­ත්තිය ප්‍රකා­ශ­යට පත් කළ සතිය ඇතු­ළත එරට කොටස් වෙළෙ­ඳ­පොළ ඩොලර් ට්‍රිලි­යන 6කට ආසන්න ප්‍රමා­ණ­ය­කින් පහත වැටී­මෙන් අමෙ­රි­කාවේ ආර්ථි­කය බිඳ වැටෙනු ඇතැයි ජාත්‍ය­න්තර අනා­වැකි පළ වූවද,  සිය ආර්ථි­කය ශක්ති­මත් කිරීමේ හැකි­යාව නව බදු ප්‍රති­ප­ත්ති­යෙන් ලැබෙ­න බව ද ධවල මන්දිර පරි­පා­ල­න සඳ­හන් කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT