ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක හා බලශක්ති සබඳතා ශක්තිමත් කරමින් තවත් ක්ෂේත්‍ර ගණනාවක සම්බන්ධව දෙරට අතර හවුල්කාරීත්වය වැඩිදියුණු කිරීමට අගමැති මෝදි සහ ජනාධිපති දිසානායක අතර ඉතාමත් ඵලදායි සාකච්ඡාවක් පැවැති බව ඩේලිහන්ට් පුවත් සේවය වාර්තා කළේය. එම සාකච්ඡාවට පෙර කොළඹ නිදහස් චතුරස්රයේදී අගමැතිවරයා උත්සවාකාරයෙන් පිළිගැනීමකට ලක්වූ බව ද ඩේලිහන්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
වසර 2024 සැප්තැම්බර් මාසයේදී ජනාධිපති දිසානායක මහතා බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ පළමු විදේශීය නායකයා අගමැති නරේන්ද්‍ර මෝදි වේ.
ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට අමතරව ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබූ බවත් ඩේලි හන්ට් පුවත් සේවය සඳහන් කළේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැඟී ඇති ශක්තිමත් ඉතිහාසය විසින් මෙහෙයවනු ලබන විශේෂ හා සමීප ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් පුළුල් කිරීමට අගමැති මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැති බව ද ඩේලිහන්ට් පුවත් සේවය වාර්තා කළේය. ‘අසල්වැසියා පළමුව’ යන ඉන්දියාවේ ප්‍රතිපත්තිය සහ ‘මහාසාගර්’ දැක්ම යටතේ ශ්‍රී ලංකාවේ වැදගත්කමත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ස්ථාවරත්වය සඳහා සහාය වීමට ඉන්දියාවේ අඛණ්ඩ කැපවීමත් අගමැතිවරයා අවධාරණය කළ බව ද ඩේලිහන්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.