Home » මිත්‍ර විභූ­ෂණ සම්මා­නය ඉන්දීය ජන­තා­වට උප­හා­ර­යක්
අග­මැති මෝදිගේ ශ්‍රී ලංකා සංචා­රය ඉන්දීය මාධ්‍ය ඇසින්

මිත්‍ර විභූ­ෂණ සම්මා­නය ඉන්දීය ජන­තා­වට උප­හා­ර­යක්

ඒඑ­න්අයි පුවත්

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

අග­මැති නරේන්ද්‍ර මෝදිගේ සංචා­රය අත­ර­තුර ශ්‍රී ලංකා රජ­යෙන් ඔහුට පිරි­නැ­මුණු මිත්‍ර විභූ­ෂණ සම්මා­නය දෙරට අතර අන්‍යේන්‍ය මිත්‍ර­ත්වයේ වැද­ගත් සංධි­ස්ථා­න­යක් බව ඉන්දි­යාවේ ඒඑ­න්අයි පුවත් සේවය වාර්තා කළේය. විශේ­ෂ­යෙන් එම සම්මා­න­යෙන් තමාට ගෞර­වය දැක්වීම සම්බ­න්ධ­යෙන් අග­මැති මෝදි මහතා ශ්‍රී ලංකා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට, රජය සහ ශ්‍රී ලංකා ජන­තා­වට කෘත­ඥ­තාව පළ කළ බවත්, එම ගෞර­වය දෙර­ටේ­හිම ජන­තාව අතර ගැඹු­රින් මුල් බැස­ගත් මිත්‍ර­ත්වය සහ ඓති­හා­සික සබ­ඳතා පෙන්නුම් කරන බවත් අග­මැති මෝදි මහතා ප්‍රකාශ කළ බව ඒඑ­න්අයි පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් අග­මැ­ති­ව­රයා විසින් සිදු කළ ප්‍රකා­ශය ද ඒඑ­න්අයි පුවත් සේවය උපුටා දක්වා තිබේ. “අද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අතින් ‘ශ්‍රී ලංකා මිත්‍ර විභු­ෂණ’ සම්මා­නය මට පිරි­නැ­මීම ඉම­හත් ආඩ­ම්බ­ර­යට කරු­ණක්. මෙම ගෞර­වය මට පම­ණක් හිමි නොවේ. එය ඉන්දි­යාවේ බිලි­යන 1.4ක ජන­තා­වට උප­හා­ර­යකි. එය ඉන්දි­යාවේ සහ ශ්‍රී ලංකාවේ ජන­තාව අතර මිත්‍ර­ත්වය සංකේ­ත­වත් කරයි. එවැනි ගෞර­ව­යක් දැක්වීම ගැන ජනා­ධි­ප­ති­ව­ර­යාට, රජ­යට හා ශ්‍රී ලංකා ජන­තා­වට මාගේ හෘද­යාං­ගම කෘත­ඥ­තාව පළ කරමි.” වසර 2019න් පසු සිය පළමු ශ්‍රී ලංකා සංචා­රය සනි­ටු­හන් කර­මින් අග­මැති මෝදි මහතා පසු­ගිය සිකු­රාදා කොළ­ඹට පැමිණි බවත්, ඔහු ශ්‍රී ලංකා සංචා­ර­යට එක්වූයේ තායි­ලන්ත සංචා­ර­යක් අව­සන් කිරී­මෙන් පසුව බවත් ඒඑ­න්අයි පුවත් සේවය සඳ­හන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT