Home » ශ්‍රී ලංකා­වේදී ලද උණු­සුම් ආග­න්තුක සත්කා­ර­යට අග­මැති මෝදි කෘතඥ වෙයි

ශ්‍රී ලංකා­වේදී ලද උණු­සුම් ආග­න්තුක සත්කා­ර­යට අග­මැති මෝදි කෘතඥ වෙයි

ට්‍රිබි­යුන් පුවත් සේවය

by Gayan Abeykoon
April 8, 2025 8:00 am 0 comment

ශ්‍රී ලංකා සංචා­ර­යේදී ලබා දුන් උණු­සුම් ආග­න්තුක සත්කා­ර­යට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට, ජන­තා­වට සහ ශ්‍රී ලංකා රජ­යට අග­මැති මෝදි සිය කෘත­ඥ­තාව පුද කළ බව ‘ද ට්‍රිබි­යුන්’ පුවත් සේවය වාර්තා කළේය.

“මාගේ සංචා­ර­යේදී ලබා දුන් උණු­සුම් ආග­න්තුක සත්කා­රය වෙනු­වෙන් ජනා­ධි­පති දිසා­නා­යක මහ­තාට, ජන­තා­වට සහ ශ්‍රී ලංකා රජ­යට බෙහෙ­වින් කෘතඥ වෙනවා. කොළඹ වේවා, අනු­රා­ධ­පුර වේවා මේ සංචා­රය අපේ ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘ­තික, අාධ්‍යා­ත්මික හා ශිෂ්ටා­චා­රික සබ­ඳතා නැවත තහ­වුරු කළා. එය නිසැ­ක­වම අපගේ ද්විපා­ර්ශ්වික සබ­ඳ­තා­ව­ලට ශක්ති­යක් එක් කරනු ඇත.” එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ සිය ගිණු­මෙහි අග­මැති මෝදි එසේ සට­හන් කර තිබේ. අග­මැ­ති­ව­ර­යාගේ ශ්‍රී ලංකා සංචා­රය ඉතා සාර්ථක වූ අතර, එය උණු­සුම් පිළි­ගැ­නීම් සහ සැල­කිය යුතු රාජ්‍ය­තා­න්ත්‍රික කට­යු­තු­ව­ලින් සනි­ටු­හන් වූ බවත් ට්‍රිබි­යුන් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. “ශ්‍රී ලංකා­වට ඔවුන්ගේ සංව­ර්ධන ගමනේ විවිධ අංශ­ව­ලදී සහාය දැක්වී­මට ලැබීම ගැන ඉන්දි­යාව ආඩ­ම්බ­ර­යට පත්වෙ­නවා” අග­මැ­ති­ව­රයා එසේ ප්‍රකාශ කළ බව ට්‍රිබි­යුන් පුවත් සේවය සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT