Saturday, April 19, 2025
Home » චීන හමුදා යානා ගුවන් සීමාව උල්ලං­ඝනය කළ බවට තායි­වා­න­යෙන් චෝදනා

චීන හමුදා යානා ගුවන් සීමාව උල්ලං­ඝනය කළ බවට තායි­වා­න­යෙන් චෝදනා

by Gayan Abeykoon
April 8, 2025 4:09 pm 0 comment

තායි­වාන මුහුදු සීමාවේ සහ ගුවන් සීමාවේ සැරි සැරූ බව කියන චීන­යට අයත් හමුදා ගුවන් යානා 76ක් සහ නෞකා 15ක් නිරී­ක්ෂ­ණ­යට ලක්වූ බව තායි­වාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසු­ගිය අඟ­හ­රු­වාදා අලු­යම 6.00 සිට බදාදා අලු­යම 6.00 දක්වා ගතවූ පැය 24 ඇතු­ළත එම නිරී­ක්ෂ­ණය සිදුවූ බව ද තායි­වාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය වැඩි­දු­ර­ටත් නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. සිය රාජ්‍ය­යට අයත් ස්වයං පාලන කලා­ප­යක් ලෙස චීනය විසින් හඳු­න්වනු ලබන තායි­වා­නය වසර ගණ­නා­වක සිට ස්වාධීන රාජ්‍ය­යක් ලෙස කට­යුතු කරන අතර, සිය රාජ්‍ය­යට චීන­යෙන් විවිධ බල­පෑම් එල්ල වන බව කිය­මින් ජාත්‍ය­න්ත­රයේ අව­ධා­නය ලබා ගැනී­මට සමත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

තායි­වාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය විසින් නිරී­ක්ෂ­ණය කරනු ලැබූ බව කියන චීන මහ­ජන විමුක්ති හමු­දා­වට අයත් ගුව­න්යානා 76 අත­රින් 37ක් තායි­වානය සමුද්‍ර සන්ධියේ සීමාව උල්ලං­ඝ­නය කළ බවත්, ඊට ප්‍රති­චාර වශ­යෙන් සිය ගුවන් සීමාවේ සහ මුහුදු සීමාවේ ක්‍රියා­කා­ර­කම් නිරී­ක්ෂ­ණය කිරීම සඳහා වෙර­ළ­බඩ මිස­යිල පද්ධ­තිය ක්‍රියා­ත්මක කළ බව ද තායි­වාන ආර­ක්ෂක අමා­ත්‍යාංශ නිවේ­ද­නයේ සඳ­හන් වන බව වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT