Saturday, April 19, 2025
Home » අස­ල්වැ­සියා පළ­මුව ප්‍රති­ප­ත්ති­යෙන් ශ්‍රී ලංකා­වට වැද­ගත් ස්ථාන­යක්

අස­ල්වැ­සියා පළ­මුව ප්‍රති­ප­ත්ති­යෙන් ශ්‍රී ලංකා­වට වැද­ගත් ස්ථාන­යක්

හින්දු පුවත් සේවය

by Gayan Abeykoon
April 8, 2025 4:12 pm 0 comment

අග­මැති මෝදි සති අන්ත­යේදී ශ්‍රී ලංකාවේ සංචා­රය කිරීම එරට දේශ­පා­ලන වශ­යෙන් සංක්‍රා­න්ති­යක් සිදුවූ අව­ස්ථා­ව­කදී සිදු­වීම ශ්‍රී ලංකා­වට මෙන්ම ඉන්දි­යා­ව­ටත් අති­ශය තීර­ණා­ත්මක සහ වැද­ගත් අව­ස්ථා­වක් බව ‘ද හින්දු’ පුවත් සේවය වාර්තා කළේය. ශ්‍රී ලංකා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ආරා­ධ­නා­ව­කට අනුව ශ්‍රී ලංකා­වට පැමිණි ඉන්දීය අග­මැ­ති­ව­රයා ආර­ක්ෂක හා බල­ශක්ති ඇතුළු ගිවි­සුම් රැස­කට එළැ­ඹී­මත්, ශ්‍රී ලංකා රජ­යෙන් විදේශ රාජ්‍ය නාය­ක­ය­කුට පිරි­නැ­මෙන ඉහ­ළම ගෞරව සම්මා­නය වන මිත්‍ර විභූ­ෂණ සම්මා­න­යෙන් පිදුම් ලැබී­මත් ඓති­හා­සික සිදු­වී­මක් බවත් හින්දු පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ජනා­ධි­ප­ති ­ධු­ර­යට පත්වී­මෙන් පසු අනුර කුමාර දිසා­නා­යක මහතා සිය පළමු විදෙස් සංචා­රය ලෙස ඉන්දි­යාව තෝරා ගැනී­මත්, නව රජ­යක් බිහි­වී­මෙන් පසු ශ්‍රී ලංකාවේ සංචා­රය කරන පළමු විදෙස් රාජ්‍ය නාය­කයා බවට අග­මැති මෝදි පත්වී­මත් එම ඓති­හා­සික සිදු­වීම තවත් වර්ණ­වත් කර ඇතැයි ද හින්දු පුවත් සේවය සඳ­හන් කරයි. ඉන්දි­යාවේ ‘අස­ල්වැ­සියා පළ­මුව’ විදේශ ප්‍රති­ප­ත්තිය යටතේ සමී­ප­තම අස­ල්වැ­සියා වන ශ්‍රී ලංකා­වට වැද­ගත් ස්ථාන­යක් හිමිවී ඇතැයි ද, ඉන්දි­යාවේ මහා­සා­ගර්, සබ්කා සාත්, සබ්කා විකාස් ඇතුළු සෙසු සංක­ල්ප­ව­ලින් ද ශ්‍රී ලංකා­වට ඉන්දි­යාවේ ප්‍රමු­ඛ­ස්ථා­නය ලැබී ඇතැයි ද හින්දු පුවත් සේවය වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT