අගමැති මෝදි සති අන්තයේදී ශ්රී ලංකාවේ සංචාරය කිරීම එරට දේශපාලන වශයෙන් සංක්රාන්තියක් සිදුවූ අවස්ථාවකදී සිදුවීම ශ්රී ලංකාවට මෙන්ම ඉන්දියාවටත් අතිශය තීරණාත්මක සහ වැදගත් අවස්ථාවක් බව ‘ද හින්දු’ පුවත් සේවය වාර්තා කළේය. ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා ආරක්ෂක හා බලශක්ති ඇතුළු ගිවිසුම් රැසකට එළැඹීමත්, ශ්රී ලංකා රජයෙන් විදේශ රාජ්ය නායකයකුට පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානය වන මිත්ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීමත් ඓතිහාසික සිදුවීමක් බවත් හින්දු පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, නව රජයක් බිහිවීමෙන් පසු ශ්රී ලංකාවේ සංචාරය කරන පළමු විදෙස් රාජ්ය නායකයා බවට අගමැති මෝදි පත්වීමත් එම ඓතිහාසික සිදුවීම තවත් වර්ණවත් කර ඇතැයි ද හින්දු පුවත් සේවය සඳහන් කරයි. ඉන්දියාවේ ‘අසල්වැසියා පළමුව’ විදේශ ප්රතිපත්තිය යටතේ සමීපතම අසල්වැසියා වන ශ්රී ලංකාවට වැදගත් ස්ථානයක් හිමිවී ඇතැයි ද, ඉන්දියාවේ මහාසාගර්, සබ්කා සාත්, සබ්කා විකාස් ඇතුළු සෙසු සංකල්පවලින් ද ශ්රී ලංකාවට ඉන්දියාවේ ප්රමුඛස්ථානය ලැබී ඇතැයි ද හින්දු පුවත් සේවය වාර්තා කළේය.