Sunday, April 20, 2025
Home » හජ් සමය නිම­ව­න­තුරු සෞදි අරා­බිය රට­වල් 14කට වීසා අත්හි­ටු­වයි

හජ් සමය නිම­ව­න­තුරු සෞදි අරා­බිය රට­වල් 14කට වීසා අත්හි­ටු­වයි

by Gayan Abeykoon
April 8, 2025 4:14 pm 0 comment

මේ වසරේ ජූනි මස මුල් භාග­යට යෙදී ඇති හජ් උත්ස­වය වෙනු­වෙන් මක්කම වන්ද­නය (උම්රා) කිරී­මට අධික බැති­ම­තුන් පිරි­සක් පැමි­ණීම පාල­නය කිරීම සඳහා රට­වල් 14කට වීසා බල­පත් නිකුත් කිරීම තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට සෞදි රජය තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හජ් වන්දන සමය අව­සන් වන­තුරු බල­පැ­වැ­ත්වෙන පරිදි උම්රා, ව්‍යාපා­රික සහ පවුල් වීසා බල­පත්‍ර අත්හි­ටු­වී­මට එරට රජය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. සෞදි අරාබි වීසා ලබා­ගැ­නීමේ අව­සන් දිනය මේ මස 13 වැනි­දා­යින් නිමා­වට පත්වන බවද වාර්තා වේ.

තාව­කා­ලික තහ­න­මට ලක්වී ඇති රට­වල් අතර, ඉන්දි­යාව, බංග්ලා­දේ­ශය, පාකි­ස්තා­නය, ඇල්ජී­රි­යාව, ඊජි­ප්තුව, ඉති­යෝ­පි­යාව, ඉන්දු­නී­සි­යාව, ඉරා­කය, ජෝර්දා­නය, මොරො­ක්කෝව, නයි­ජී­රි­යාව, සුඩා­නය, යේම­නය සහ ටියු­නී­සි­යාව ඇතු­ළත් වී ඇතැයි ද වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT