Saturday, April 19, 2025
Home » ඉන්දි­යාව සහ ශ්‍රී ලංකාව අතර නව යුග­යක ඇර­ඹු­මක් ඕල් ඉන්ඩියා රේඩියෝ

ඉන්දි­යාව සහ ශ්‍රී ලංකාව අතර නව යුග­යක ඇර­ඹු­මක් ඕල් ඉන්ඩියා රේඩියෝ

by Gayan Abeykoon
April 8, 2025 4:13 pm 0 comment

ඉන්දීය අග­මැ­ති­ව­ර­යාගේ ශ්‍රී ලංකා සංචා­රය සිදු­වූයේ තීර­ණා­ත්මක අව­ස්ථා­ව­කදී බවත්, එය දෙරට අතර ඓති­හා­සික යුග­යක ආර­ම්භ­යක් වනු ඇති බවත් ඕල් ඉන්ඩියා රේඩියෝ පුවත් සේවය වාර්තා කළේය. මීට පෙර අවස්ථා 3කදී ශ්‍රී ලංකාවේ සංචා­රය කළ අග­මැති මෝදි සංචා­රය අති­ශය වැද­ගත් වන්නේ ශ්‍රී ලංකාවේ දේශ­පා­ලන වශ­යෙන් සැල­කිය යුතු වෙන­සක් සිදුවී ඇති කාල පරි­ච්ඡේ­ද­යක බවත් ඕල් ඉන්ඩියා රේඩියෝ පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගිය සැප්තැ­ම්බ­ර­යේදි ශ්‍රී ලංකාවේ ඓති­හා­සික සංධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින් ජන­තාව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට බලය ලබාදී ඇතැයි ද, ඔහුගේ රජය ඉන්දි­යාව සමඟ සුබ­වාදි ආක­ල්ප­ය­කින් යුතුව කට­යුතු කරනු ඇතැයි ද ඕල් ඉන්ඩියා රේඩියෝ පුවත් සේවය සඳ­හන් කළේය. වේග­යෙන් සංව­ර්ධ­නය වන ආර්ථි­ක­ය­කට හිමි­කම් කියන ඉන්දි­යාව වසර 2028දී ලොව විශා­ල­තම තුන්වැනි ආර්ථි­කය බවට පත්වනු ඇතැයි මෝගන් ස්ටැන්ලි ජාත්‍ය­න්තර මූල්‍ය ආය­ත­නය අනා­වැකි පළ කර ඇති බවත්, එහිදි ශ්‍රී ලංකා­වට ද වැද­ගත් අව­ස්ථා­වක් හිමි­වනු ඇති බවත් ඕල් ඉන්ඩියා රේඩියෝ පුවත් සේවය වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT