සෑම මාසයකදීම අලුතින් විවෘත කරන සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගොනු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි නව ක්‍රමවේදයක් කම්කරු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ක්‍රියාවට නංවන බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී අද(08) මේ බව කියා සිටියේය.
ජාතික ඉතිරි කිරීම්, නව ආයෝජන, ප්‍රාග්ධනය සැපයීම් යනාදී තොරතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ හැකි බවත් කාන්තා ශ්‍රම දායකත්වය සම්බන්ධයෙන් තොරතුරු මෙමඟින් රැස් කර ගත හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.මෙම නව ක්‍රමවේදය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසීය. 2024 වසරේ නොවැම්බර් මාසය තුළදී අලුතින් විවෘත කළ සේවක අර්ථසාධක අරමුදල් සංඛ්‍යාවේ සාමාජිකයන් 6332 ක් බවත් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සාමාජිකයන් සංඛ්‍යාව 2777 ක් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.